Last Updated on June 4, 2021 by Panduka Herath
COVID-19 එන්නත් විදේශ රටවලින් මෙරටට ගෙන්වීමට අතරමැදියන් සේ ඉදිරිපත් වූ ඇතැම් පෞද්ගලික අංශයේ සමාගම් ෆල්යිවුඩ් තුනී ලෑලි ගෙන්වන, කන්ටේනර් බිස්නස් කරන සහ නැව් භාණ්ඩ ප්‍රවාහන කරන ඒවා බවට තොරතුරු අනාවරණය වි ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපැයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ කොරෝනා එන්නත් සඳහා ලෝකය පුරා කළු කඩ වෙළෙඳපොලක් නිර්මාණය වී ඇති හෙයින් ඉන් පරිස්සම් විය යුතු බවයි.
AstraZeneca එන්නත් ඩුබායි, අබුඩාබි, කැනඩාව, ප්‍රංශය වැනි රටවල පෞද්ගලික සමාගම් සතුව ද පවතින බවත්, එම සමාගම්වලින් එන්නත් ගෙන්වීමට මෙරට පෞද්ගලික සමාගම් ගණනාවක් අතරමැදියන් ලෙස සම්බන්ධ වීමට කැමැත්ත පළ කළ බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා.
ගෙන්වන එන්නත් මවු සමාගමේ ඒවා දැයි තහවුරු කරගැනීමට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන්නැයි දැනුම් දුන් අවස්ථාවේ දී ඇතැම් සමාගම් ඉන් එහාට කටයුතු නොකළ අතර ඒ හරහා තොරතුරු රැසක් අනාවරණය වි තිබේ.එන්නත් ගෙන්වීමේදී ඒවා නිවැරැදි ඒවා දැයි තහවුරු කරගැනීම රජයක වගකීම වන වද මහාචාර්යවරයා පෙන්වා දෙනවා.
[url=http://cheapdrugs.store/#]viagra without a doctor prescription[/url]
viagra where to buy viagra where to buy viagra
generic cialis (tadalafil) 20mg 30 generic version of cialis
stromectol 6 mg tablet generic ivermectin
36 hour cialis no prescription tadalafil 20mg best price
viagra vs cialis vs levitra reviews tadalafil without a doctor’s prescription