counter hit xanga
June 26, 2022

සහරාන්ගේ මාමණ්ඩිය ඇතුලු තිදෙනෙකු අත් අඩංගුවට!

Last Updated on April 23, 2021 by Panduka Herath

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂිම් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් සංවිධානය කළ අන්තවාදී පන්තිවලට සම්බන්ධ වු පුද්ගලයන් තිදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ. අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 55, 52,හා 40 යන වයස් වල පසුවෙයි.

කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සහරාන් හෂීම්ගේ බිරිඳගේ පියාද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

2018වසරේ දී මෙම පිරිස අන්තවාදී දේශන සඳහා සහභාගි වී ඇති බව අනාවරණය වි ඇති අතර සැකකරුවන් රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කරමින් සිටි.

මේ අතර ඊයේ දිනයේ දී වව්නියාව ප්‍රදේශයේ දී තවත් පුද්ගලයෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වයස අවුරුදු 42 ක පුද්ගලයෙක් බවට වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. අත්අඩංගුවට පත් සැකකරු මියගිය එල්.ටී.ටී.ඊ සමාජිකයින්ගේ නමින් හැඳුනුම්පත් හා ව්‍යාජ ගමන් බලපත්‍ර සකසා පුද්ගලයින් විදේශ ගත කළ බවට තොරතුරු අනාවරණය වි තිබේ.