Last Updated on May 18, 2021 by Panduka Herath
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් දෙමළ ජන සංහාර දිනය සැමරීම සදහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී හොර රහසේම ඉටිපන්දම් දල්වා තිබේ. අද (18) යුද්ධයේදී මියගිය උතුරේ පිරිස සැමරීම වෙනුවෙන් එම ඉටිපන්දම් දැල්විම සිදුකර ඇති අතර යුද්ධයේදී මියගිය පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මේ ආකාරයට සැමරූ පළමු අවස්ථාවද මෙය වේ.
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ වෙන් කර තිබේන ශාලාවේදී මෙම ඉටිපහන් දැල්විම සිදුකර ඇති අතර ඉටිපන්දම් දල්වා පසුව විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පවත්වා මෙම සැමරීම සිදුකර තිබේ. ඒ සදහා TNA මන්ත්‍රීවරුන් සහභාගි වි ඇත්තේ කළු ඇදුමින් සැරසී වන අතර මෙම සැමරුමට දෙමළ ජාතික සන්ධානයේපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්ඒ සුමන්දිරන්,චාණක්‍ය රාසමානික්කම් ,සෙල්වම් අඩෙයිකනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්ඇතුළු මන්ත්‍රීවරු 8 දෙනෙක් සහභාගි වි තිබේ. ඉටිපන්දම් සමග රතු සහ කහ කොඩියක්ද ඔහුන් ප්‍රදර්ශනය කර තිබේ.
අදාළ දමිළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පිවිසුමේදී ඉටිපන්දම් දල්වා සැමරුමක් කිරීමට මුලින්ම උත්සාහ දරා ඇති නමුත් පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයා ඇතුලු පිරිසක් මැදිහත්ව එම උත්සහය ව්‍යාර්ථ කර තිබේ. පසුව හොර රහසේ TNA ශාලාවේදි මෙම සැමරුම සිදුකර තිබේන බවයි වාර්තා වන්නේ.
අදාළ සැමරුම් අවස්ථාවේ ඡායාරූප LTTE හිතවාදී වෙබ් අඩවි සදහ යොමුකර ඇති අතර ඔහුන් එම අවස්ථාව නම් කර තිබුනේ “TNA MPs mark Tamil Genocide Day at Sri Lanka’s parliament” යනුවෙනි.


More Stories
රට නිල වශයෙන් බංකොලොත්! ගැලවිමේ මග මෙන්න!
Jagath Alwis’ letter to CJ: BASL concerned
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!