Last Updated on May 11, 2021 by Desman Chathuranga
තමිල්නාඩුවේ නව මහ ඇමැති ඩී.එම්.කේ. පක්ෂයේ නායක M K Stalin (එම්.කේ. ස්ටාර්ලින්) මහතාට උතුරු – නැඟෙනහිර පළාත්වල සංචාරයක නියැලෙන ලෙස ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානය සුබ පැතුම් යවා තිබේ.
නව මහා අමාත්‍යවරයා දිවුරුම් දිමේන් පසුව උතුරේ සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයන් සුබ පැතුම් යවා තිබේන අතර දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් වෙන වෙනම සුභ පැතුම් එක් කර තිබිමද විශේෂත්වය. සුබ පැතුම් එක් කරණ මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්රශ්නය විසඳීමට මැදිහත් වෙන්නැයි ඉල්ලිමක්ද කර තිබේ.
“මුළු ලෝකයේම දෙමළ නායකයා වීමට හැකියාව ඇති නිසා ස්ටාර්ලින් යන නාමය ඒ ස්ථානයට රැගෙන ඒමට උත්සාහ කරන ලෙස”දෙමළ ජාතික සන්ධානයේම වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා යැවූ සුබ පැතුමේ සඳහන් කර තිබේ.
දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේස්වරන් මහතාද, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ද, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාද හා තවත් කීප දෙනෙකුද සුබ පතුම් එක්කොට තිබේ.
පසුගියදා අවසන් වු තමිල්නාඩු මැතිවරණයෙන් ආසන 234 න් 133 ක් දිනා ගැනීමට හිටපු මහා අමාත්‍ය එම්.කේ කරුණානිධිගේ පක්ෂය වන DMK පක්ෂය සමත් වීමෙන් පසු මැයි 7 වන දින තමිල්නාඩු මහඇමති ධුරයේ පක්ෂයේ වත්මන් සභාපති,කරුණානිධිගේ පුත් ස්ටාර්ලින් දිවුරුම් දුන්නා.පසුව මහ ඇමතිවරයා රජයේ නියෝග පහකට අත්සන් තැබුවේ කරුණානිධි විසින් භාවිතා කරන ලද පැරණී තීන්ත පෑන භාවිතා කරමින් විමද විශේෂත්වය.
[url=http://cheapdrugs.store/#]viagra without doctor prescription amazon[/url]
natural ed medications buy ed pills cure ed
clomid tablets buy clomid 50mg online buy clomid 50mg