counter hit xanga
March 28, 2023

ශ්‍රී ලාංකේය මැතිවරණ ඉතිහාසයේ අඳුරුතම දිනය අදයි!

Last Updated on January 10, 2023 by Desman Chathuranga

ශ්‍රී ලාංකේය මැතිවරණ ඉතිහාසයේ අඳුරුතම දිනය ලෙස අද (ජනවාරි 10) වැනිදා ශ්‍රි ලංකා ඉතිහාසයට එක්කිරිමට ජනතාව පලවාහරි දුෂිත දේශපාලකයන් ආරක්ෂා කිරිමට පාර්ලිමේන්තුවේ දුෂිත මන්ත්‍රීවරුන් විසින් තොරාගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ සහචර කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ. ඒ පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ස්වාධින මැතිවරණ කොමිසම් සභාව කටයුතු කරමින් සිටියදි කැබිනට් මණ්ඩලය හරහා එය වැලැක්වීමට බලපෑම් කිරිමයි.

ආණ්ඩුවෙන් මැතිවරණ කොමිසමට බලපෑම් | ජාතික ජන බලවේගයේ විශේෂ ප්‍රකාශයක් 

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මංජුල ගජනායක සිය මතය සමාජ ජාලා හී සටහන්කර ඇති අයුරු…

ශ්‍රී ලාංකේය මැතිවරණ ඉතිහාසයේ අඳුරුතම දිනය අදයි. කුප්‍රකට ජනමත විචාරණය වසර 1982 පැවැත්වීමෙන් අනතුරුව මෙලෙස නිකුත්ව ඇති ලිපිය මෙරටේ ජනසම්මතවාදයට එල්ල කරනු ඇත්තේ මරු පහරකි.

පරිපාලන හෝ ඇමති මණ්ඩල ලේකම්ට තබා ජනාධිපතිවරයාට හෝ බලපෑමක් කල නොහැකි ජන්ද අයිතිය බිඳ දැමීමට මෙලෙස ලියුම් ගසන නීල් හපුහින්නට එක්කෝ පිස්සුය -නැත්නම් නීති උපදේශකයෙක් අහල ගං හතක සිට නැත. පත්වීම ලබාගත් විගස මොහු කල දේශපාලන කුට්ටාලිකම් කම තවත් ආත්ම හතක් ඉක්මුණද මෙරටේ ජනයා සිහිකරනු ඇත්තේ විශ්මය මුසු අහ්ලාදය හා පිළිකුල සමඟය. සෙස්ස පස්සට

මංජුල ගජනායක