Last Updated on May 10, 2021 by Desman Chathuranga
තමන් කොවිඩ් මර්දන එන්නතේ පලමු මාත්‍රාව තමන් ලබාගත් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය මත කොවිඩ් මර්දන එන්නත වහාම ලබාගන්නා ලෙස වෛද්‍යවරුන් තමන්ට අවධාරණය කළ බවත් එම නිසා තමන් එන්නත ලබා ගත් බවත් ඔහු තමන්ගේ Facebook පිටුවේ සටහනක් තබමින් සදහන් කර තිබේ. පක්ෂයේත්,රටේ ජනතාවගේ මෙන්ම මල්කුමාරියන් ගැන සිතා හරීන් එවන් තින්දුවක් ගැනිම ගැන අප සතුටු වෙමු.
හරීන් සිය සමාජ ජාලාවේ අනාවරණය කර තිබේන අකාරයට ඔහු ලබාගෙන ඇත්තේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත වන අතර මෙම එන්නත සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඇතුළු සමගි ජන බලවේගයේ මනත්‍රීවරු රැසක් සිය විරෝධය එල්ල කරද්දී ඒ එන්නතම වීද ගැනිම පක්ෂයේ බහුතරයකගේ කණ විදිමට දෙවනි නොවනු ඇත. අනිත් අතට හදවත් ශල්‍යකර්මයෙන් පසුව රට ගැන මෙන්ම ආණ්ඩුව වසංගතයට එරෙහිව ගෙන යන සටන ගැනද හරීන් යම් විශ්වාසයක් තබා තිබිම පසුගිය දිනවල කට කියවා තමන් කල වැරදි වලට යම් ප්‍රමාණයකට පශ්චාත් වන සංඥාවක්ද විය හැක.

“Took my vaccine today with general public after one million of our country men and women were able to do the same. My health condition also pushed me to get the vaccine as soon as possible as advised by doctors. Hoping the government is able to do the same for all its citizens”
“අපේ රටේ මිලියනයක් ජනතාවට කොරෝනා එන්නත ලබාදුන් බව වාර්තා වෙනවා.මාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුකොටගෙන අදාල එන්නත වහාම ලබා ගැනීමේ අවශ්‍යතාව වෛද්‍යවරුන් අවධාරණය කළා.ව්‍යසනය අබියස සිටින මුළුමහත් ශ්රීලාංකිකයින්ටම අදාල එන්නත ලබා දීමට රජය කටයුතු යොදනු ඇතැයි බලාපොරොත්තුවෙමි.”
රැල්ලට බය නම් වැක්සින ගහනවද බ්‍රෝ…!
නමුත් මිට පෙර අවස්ථා ගණනාවකදි හරින් සදහන් කර තිබුනේ තමන් සමස්ථ ලංකාවේම අවසන් පුද්ගලයාද එන්නත්කරණය කර අවසන් වනතෙක් තමන් එන්නත් කර නොගන්නා බවයි.කොහොම උනත් ඒ සම්බන්ධයෙන් පෙබරවාරි මාසයේ පමණ පලකර තිබු සමාජ ජාලා පොස්ටුවෙ දැන් සටහන්ව ඇත්තේ මිලියනයක්වත් එන්නත් කර අවසන් වන තෙක් තමන් එන්නත ලබා නොගන්න බවයි.සමහර විට ලංකාවේ ඔක්කොටොම වැක්සින් එක ගැහුවම කියන එක ලක්ෂ 10ක් විදියට එඩිට් කරලා ඌ ෂේප් එකේ වැඩේ කරගත්තා වෙන්නටද පුලුවන.
කලින් කරේ නැත්තෙ පල්ලි ගිය එක විතරයි!
මුලු මහත් ශ්‍රී ලාංකිකයන්ටම අදාල එන්නත ලබාදීමට රජය කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ. හරීන්ටඑවැනි බලාපොරොත්තුවක් තිබිම සතුටට කරුණකි. අප්‍රියෙල් 21 ප්‍රහාරය එල්ල වන බව දැන දැනම තාත්තා එපා කී නිසා පල්ලියට නොගිය හරීන් එදාත් රටේ ජනතාව ගැන නොව අවම තරමින් තමන්ගේ ආගම අදහන ජනතාව ගැන මේ විදියට සිතුවේ නම් ජිවිත ගණනාවක් බේරෙනු ඇත.
සද්දෙයි @#%^*& ගදයි විතරයි ද!
2019 අප්‍රියෙල් 21 වැනිදා සහරාන් කල්ලිය එවකට යහපාලන අනුග්‍රහය ඇතුව පල්ලි වලට පහරදුන් අවස්ථාවේ නිහඩව සිටි හරීන් වත්මන් ආණ්ඩුව බලයට පත්වු දා සිටම හරීන් ප්‍රහාරය පසුපස මහ මොළකරුවෙකු සිටින බවත් තවත් සාක්ෂි රැසක් ඇති බවටත් විවිධ ප්‍රකාශ කල බව රටේ ජනතාවට අමතක නැත. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවාවී අතේ පැලවෙන බොරු කියන ගමන් තමන්ගෙ මඩ බලකාය යොදා ගනිමින් එම බොරු මහ පොළවේ පැලකිරිමට හරීන්ලා කටයුතු කලේ රටේ ජාතික ආරක්ෂාවද අනතුරෙන් දමමින් ය. චීනාට බැන බැන එන්තත් කර ගත්තා සේම මන්ත්‍රී වෙස්ගෙන ජාතික ආරක්ෂාව අනතුරේ නොදමා සිටිමද රට වෙනුවෙන් කලයුතු බව හරීන්ට මෙන්ම ණයට කහින බහුතරයකට වැටහෙන්නේ නම් සුබදායකය.
https://buystromectolon.com/ – buy stromectol for humans in mexico
Priligy
cialis lion tadalafil 20mg
ivermectin cream cost stromectol 3 mg tablets price
name brand cialis generic tadalafil 20mg india
where to get my prescription cialis filled tadalafil without a doctor’s prescription
https://cipro.best/# ciprofloxacin generic price
https://erectionpills.best/# medicine erectile dysfunction
cheap clomid clomid buy