counter hit xanga
October 27, 2021

එන්නත් ගෙන්විමේ පාරදෟෂ්‍ය භාවය ගැන අවුලක්!

Last Updated on June 4, 2021 by Panduka Herath

ඖෂධ සංස්ථාව එන්නත් ගෙන්විම සම්බන්ධයෙන් ප්‍රශ්ණකාරි තත්ත්වයක් මතුවෙමින් තිබේ.ඒ හරහා එන්නත් ගෙන්විම පසුපස යම් දුෂණකාරි සිදුවිමක් සිදුවන බවට ජනතාව තුල ප්‍රශ්ණාර්ථයක් හටගැනිම නොවැලැක්විය හැකි කරුණකි. ලංකාවට එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මේ ප්‍රශ්ණ වලට වහාම් පිළිතුරු ලබාදිය යුතුමය.

ඖෂධ සංස්ථාව සදහන් කළේ එන්නත් මිලදීමේ ක්‍රියාවලිය පාරදෟෂ්‍ය සිදුවන බවත් එම මිලදී ගැනීම් වලට ලෝක බැංකුව හා ආසියානු බැංකුව ආධාර දෙන නිසා ඔවුන් මෙම මිලදී ගැනීම් වලට අදාල ක්‍රියා පටිපාටියද අධීක්ෂනය කරන බවයි.

කෙසේවෙතත් චීනයේ සයිනොෆාම් එන්නත නිපදවනනේ China National Pharmaceutical Group Co. Ltd යන සමාගමයි. එම සමාගමට තවත් අතිරේක සමාගම් (subsidiaries) 5 පවතින අතර එම සමාගම් වන්නේ 1. China National Medicines Corporation Ltd., 2. China National Accord Medicines Corporation Ltd., 3. Beijing Tiantan Biological Products Co., Ltd., 4. Shanghai Shyndec Pharmaceutical Co., Ltd., and 5. China Traditional Chinese Medicine Holdings Co., Ltd.
දැනට වාර්තාවන තොරතුරු අනුව ඉහත සඳහන් එකදු හෝ සමාගමක් මගින ඖෂධ සංස්ථාවට Letter of intent (LOI) එවා නැති අතර ගිවිසුම් ගතවීමක්ද සිදු වී නෑ.

ඒ අනුව පසුගියදා ඖෂධ සංස්ථාව මහජන බැංකුව හරහා telegraphic transfer(TT) එකක් මගින් USD මිලියන 15 ක් Beijing Biological Engineering Development Centre Ltd නමැති අතරමැදි සමාගමකට බැර කොට ඇති අතර එසේ ගෙවන මුදල සයිනොෆාම් එන්නත් මිලියනයක් එකක් ඩොලර් 15 බැගින් මිලදී ගැනීමට යන මුදල බව එහි සඳහන්කොට තිබේ.

ඖෂධ සංස්ථාව පවසන ආකාරයට එන්නත් මිලදී ගැනීම් වලට භාවිතා කරන්නේ ලෝක බැංකුව ආසියානු බැංකුව වැනි ආයතන ලබා දෙන මුදල් නම් මේ අවස්ථාවේදී කඩිමුඩියේ සංස්ථාව තමන්ගේ මුදල් (රාජ්‍ය මුල්‍ය) යෙදවුයේ ඇයිද යන්න ප්‍රශ්නාර්ථයකි.

අවම වශයෙන් මාත්‍රා මිලියන 40 ක් රටට අවශ්‍යව තිබේ (මාත්‍රා දෙකක් මුලු ජනගහනයට) රජය ඇස්ට්‍රාසෙනිකා ගෙන්වීමට වඩා සයිනෝෆාම් ගෙන්වීමට උනන්දුවන්නේ මේ හේතුව නිසාය. මෙම තොරතුර වැරදි නම් ඖෂධ සංස්ථාව මහජන බැංකුව හරහා තමන් ඉහත සමාගමට TT මගින් ඩොලර් මිලියන 15 ක් යැව්වේ නැති බව ලියකිවිලි මගින් ඔප්පු කල හැකිය. නොහැකි නම් එය ප්‍රශ්ණයකි.

එසේ නොමැතිනම් Beijing Biological Engineering Development Centre Ltd නමැති අතරමැදි සමාගම ලංකාවේ කා සමග හෝ අතරමැදි ගනුදෙනුවක් සිටිද?

කැබිනට් පත්‍රිකාකාව දාන මොහොත තෙක් letter of intent ලබාදි නොතිබු අතර සයිනෝෆාම් සමාගම LOI ඉල්ලා ඇත්තේ මැයි 24 දාය. කැබිනට් පත්‍රිකාව දාන්නෙද මැයි 24 දාය. ඒ අනුව කැබිනට් පත්‍රිකාව දාන මොහොත තෙක් සයිනෆාම් එන්නත් සපයන්න සමාගම සමග ගිවිසුමක් තිබි නැති බවයි.

එසේනම් මෙතෙක් අපට ලැබුන සයිනෆාම් එන්නත් කවුරුන් නිශ්පාදනය කරපු කවුරුන් බෙදාහරින ලද එවාද? Product liability එක හිමි වන්නෙ කාටද?

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයාණෙනි මේ ඔබේ අවධානයට!

දේශපාලන වාර්තාකරු