counter hit xanga
October 21, 2021

සංචරණ සීමාවන් දැඩිවෙයිද?

COVID මර්දණ මාර්ගෝපදේශ කඩකරන පුද්ගලයන් සදහා නියමිත දඩය රුපියල් 50,000ක්!

Last Updated on June 24, 2021 by Panduka Herath

COVID මර්දණ මාර්ගෝපදේශ කඩකරන පුද්ගලයන් සදහා නියමිත දඩය රුපියල් 50,000 ලෙස වෙනස් කලයුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරනවා.දැනට එම දඩය රුපියල් 5,000ක්.

කෙසේවෙතත් රෝගය මර්දණය කිරිම සදහා එම දඩ මුදල රුපියල් 50,000 දක්වා ඉහල දැමිය යුතු බවයි අමාත්‍යවරිය සදහන් කරන්නේ.

මාර්ගෝපදේශ නොපිළිපදින අය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය හා පොලිසිය එකතු වී තදින් නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරිය අවධාරණයි කරනවා.

මේ අතර කොවිඩ් රොගීන්ගේ වර්ධනයක් සිදු වුවහොත් ඉදිරියේදී දැඩි සංචරණ සීමාවන් පැනවිමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ඇතැම් පිරිස් සෞඛ්‍ය පුරුදු අමතක කරමින් සිටින බවයි.

“අද දිනයේ පවතින සංචරණ සීමාවන් හෙට පාන්දර 4ට ඉවත් කරන්න තමයි දැනට බලාපොරොත්තුව. ඉන් පසුව බස්නාහිර පළාතටත් අනෙකුත් පළාත් තුළත් මින් ඉදිරියට ක්‍රියාත්මක වුණු අයුරින් එම සංචරණ සීමාවන් ජුලි මස 05වනදා දක්වා ක්‍රියාත්මක වනවා ඇති.”

“සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන්නන්ට දඩ මුදල වැඩි කරලා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. නමුත් ඊට වැඩිය අවශ්‍ය වන්නේ ජනතාව විසින් මෙම තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කිරීමයි. ඒකෙන් මේ රෝගය පාලනය කරගන්න මීට වැඩිය ඉක්මණින් පුළුවන් වෙනවා.”

“ඩෙල්ටා ප්‍රභේදය සොයාගත් ආරාමය ප්‍රදේශයේ 05 දෙනාට අමතරව මේ වනතෙක් වෙනත් ආසාදිතයින් අපිට හමුවෙලා නෑ. ඒ ආශ්‍රිත සියලුම නිවෙස්වල පුද්ගලයින් අවට ප්‍රදේශවල පිරිස් අපි අහඹු PCR පරීක්ෂණ සඳහා යොමු කළා. මාදිවෙල ප්‍රදේශයේත් එක නිවසක පමණයි. ඒකත් තාම සැකකටයුතු තත්ත්වයක තියෙන්නේ.”