counter hit xanga
February 4, 2023

සංචරණ සීමා ලිහිල් කරන්නේ party දාන්න නොවේ!

Last Updated on May 24, 2021 by Desman Chathuranga

සංචරණ සීමා පනවා ඇති මොහොතේ ද ඇතැමුන් එම අවස්ථාව අවභාවිතා කරමින් අනවශ්‍ය ලෙස ගමන් බිමන්වල යෙදෙන බව නිරීක්ෂණය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

අද (24) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් COVID-19 පිළිබඳ විශේෂ කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වු අවස්ථාවේ ජනාධිපතිවරයා සදහන් කළේ සංචරණ සීමා ලිහිල් කරනුයේ ජනතාවට අත්‍යවශ්‍යම භාණ්ඩ ලබා ගැනිමට පමණක් බවයි. ජනාධිපතිවරයා එහිදි සදහන් කළේ එම අවස්ථාව ලබා දෙන්නේ පාර්ටි දැමිම සදහා නොවන බවයි.

හෙට(25) දින අත්‍යාවශ්‍ය භාණ්ඩ සපයා ගැනීම සඳහා මේ වනවිට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කිරීමට රජය තීරණය කල අතර තමන්ට ආසන්නයේම ඇති වෙළද සැලකින් අත්‍යවසශ්‍ය භාණ්ඩ මිලදි ගැනිමට කටයුතු කරන ලෙසද රජය දැනුම් දි තිබේ.

මේ පිළිබඳව දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න