Last Updated on May 25, 2021 by Desman Chathuranga
සංචරණ සීමා ලිහිල් කෙරුණු අද දිනයේ ජනතාවගෙන් බහුතරයක් හැසුරුණු ආකාරය සතුටු විය නොහැකි බව කොවිඩ් පාලනය කිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළදි ගැනිම සදහා ඉදිරියේදී වෙළඳ සල් විවෘත කිරීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යොමුවීමට සිදුවන බවයි හමුදාපතිවරයා අවධාරණය කළේ. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රථ යොදවා බෙදාහැරීමේ වැඩපිළිවෙලකට ඉදිරියේදී යොමු වීමට බොහෝ දුරට කටයුතු යොදනු ඇත.
අත්‍යවශ්‍ය භාණ්ඩ නිවස ආසන්නයේම වෙළෙඳ සලෙන් ලබා ගැනීමට දුන් අවස්ථාව ඇතැම් පිරිස් අවභාවිතා කළ ආකාරයක් පෙනෙන්නට තිබූ බව පැවැසූ ශවේන්ද්‍ර සිල්වා මහතා මේ ආකාරයට ජනතාව අවිචාරවත් ලෙස කටයුතු කිරීම අවසන් ප්‍රතිඵලයට අහිතකර බලපෑම් ඇති කරනු ඇතැයි ද පෙන්වා දුන්නේය.ජනතාවගේ මෙවැනි නරක හැසිරීම් නිසා කොවිඩ් පැතිරීම වේගවත් විය හැකි නිසා වහාම වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරන බවද ඔහු සදහන් කළා.
ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සංචරණ සීමා අද උදැසන සිට ලිහිල් කළ අතර වසංගතය මර්දණය කිරිමට සහය දැක්විම වෙනුවට ජනතාව විශාල වශයෙන් නගරවලට පැමිණේමින් භාණ්ඩ මිළදි ගැනිමට රැස්වන අයුරු දක්නනට ලැබුනා.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගැනීමට නිවසකින් එක් අයෙකුට පමණක් ළඟම පිහිටි වෙළෙඳසැලට පා ගමනින් යෑමට කටයුතු කරන ලෙසට ඉල්ලිම්ක් කලද එම ඉල්ලිම් නොතකමින් ජනතාව සිය පෞද්ගලික වාහනවලින් පැමිණ සුපිරි වෙළඳසැල් සහ මග දෙපස භාණ්ඩ අලෙවිසැල් අසල පෝලිම් ගැසී භාණ්ඩ මිලදී ගනිමින් සිටිනු දක්නට ලැබුන අතර එම කිසිදු ස්ථානයක දුරස්ථභාවය ගැන පවා අවදානය යොමු නොකරමින් කටයුතු කරනු ද දක්නට ලැබිණි.
[url=http://cheapdrugs.store/#]foods for ed[/url]
prescribing stromectol stromectol for humans for sale stromectol 3 mg tablets price
cialis on sale in usa In 2008, there was a total of only 15 gigawatts installed world-wide