counter hit xanga
March 26, 2023

භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 4300 දක්වා ඉහළට

Last Updated on February 7, 2023 by Dheerasinghe

සඳුදා අලුයම තුර්කියේ Gaziantep ආසන්නයේ රාත්‍රී කාලයේ දී ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8 ක භූමිකම්පාවෙන් පසු ගොඩනැගිලි දහස් ගණනක් කඩා වැටී ඇත.ගිනිකොනදිග තුර්කියේ සිට උතුරු සිරියාව දක්වා විහිදෙන විශාල ප්‍රදේශයක් හරහා මේ වන විට දැවැන්ත සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු වේ. ශීත කාලගුණයෙන් ඊට බාධා වී ඇති බව ද වාර්තා වේ

මේ වන විට දෙරටේම තහවුරු වූ මරණ සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇත, නමුත් එය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. 15,000ක් පමණ තුවාල ලබා ඇත

සුන්බුන්වල සිරවී සිටින අය සොයා ගැනීමට ලොව පුරා ගලවා ගැනීමේ කණ්ඩායම් කඩිනමින් යොදවා ඇත. ඉදිරි පැය කිහිපය තීරණාත්මක වනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනවලින් විපතට පත් වූවන්ට සහන සැලසීමට එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක සහයෝගය හිමි වී ඇත.
දකුණු තුර්කියේ සිරියානු දේශසීමාව ආසන්නයේ ඊයේ (6) ප්‍රබල භූ කම්පන හටගෙන තිබේ. විපතට පත් ප්‍රදේශවලට සහ ජනතාවට මානුෂීය ආධාර සැපයීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය කඩිනමින් පශ්චාත් ආපදා සහන මෙහෙයුම් එදිනම දියත් කළේය.
එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා ඊයේ (6) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ සහය දැක්වීමේ ක්‍රියාකාරකම්වලට එක්සත් ජාතීන් උපරිමයෙන් කටයුතු කරන බවයි. ව්‍යසනයෙන් විපතට පත් දහස් සංඛ්‍යාත ජනතාවට උපකාර කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සිය සහය ලබා දෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක Achim Steiner මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා විපතට පත් පුද්ගලයින්ට සහය ලබා දීමට සහ ඔවුන්ට මෙම ඛේදවාචකයෙන් සිදු වූ හානි වෙනුවෙන් උපකාර කිරීමට සූදානම් බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි වෛද්‍ය කණ්ඩායම තුවාල ලැබූවන්ට සහ වඩාත් අවදානමට ලක්වූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සැලසුම් කර ඇති බවයි.‍
මීට අමතරව, අවශ්‍ය හදිසි ප්‍රතිචාර දැක්වීමට සැලසුම් කර ඇති බව ‍එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ද ප්‍රකාශ කර තිබේ.