Last Updated on June 24, 2021 by Desman Chathuranga
මරණීය දණ්ඩනය නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබිම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය සහ ශ්‍රි ලංකා නීතිඥ සංගමය ප්‍රශ්ණ කර තිබේ.
ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති Alaina B. Teplitz සිය twitter ගිණුමේ සටහනක් දමමින් ප්‍රශ්ණ කර ඇත්තේ 2018 වර්ශයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුබවට පත්කල පුද්ගලයෙකු නිදහස් කිරීම නීතියේ ආධිපත්‍යය හෑල්ලුවකට ලක්කිරීමක් බවයි.
We welcome the early release of PTA prisoners, but the pardon of Duminda Silva, whose conviction the Supreme Court upheld in 2018, undermines rule of law. Accountability and equal access to justice are fundamental to the UN SDGs to which the GoSL has committed.
— Ambassador Teplitz (@USAmbSLM) June 24, 2021
මේ අතර Bar Association, ශ්‍රි ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රශ්ණ කර ඇත්තේ මිනීමැරුමකට සම්බන්ධ වැරදිකරුවකු වන දුමින්ද සිල්වාට සමාව ලබා දීමේදී නියමිත ක්‍රියාදාමය අනුගමනය කළේ කොතැනද යන්නයි.
මිනීමැරුම් වැරදිකරුවෙකුට සමාව දෙන විට ඒ සඳහා නඩු විභාගයේ විනිසුරුවරු, නීතිපති සහ අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ කැඳවිය යුතු බවද එහි සදහන් කර තිබේ.
එමෙන්ම, ජනාධිපති සමාව සඳහා දුමින්ද සිල්වා තෝරාගත් පදනම, කරුණු සහ ඔහුට විශේෂයෙන් සමාව ලැබීමට තරම් කැපී පෙනෙන හේතූන් කවරේද යන්න මහජනතාව දැනගත යුතු බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය ලිපියෙන් පෙන්වා දි තිබේ. නීතිඥ සංගමය නිකුත් කල නිවේදනය පහත දැක්වේ ….
කෙසේවෙතත් දුමින්ද සිල්වාට සමාව දීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලය. තමා කැමති ඕනෑම වරදකරුවෙකුට සමාව දීමට අවශ්‍ය බලය ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලැබී තිබේ. ඒ අනුව තාක්ෂණික/වාච්‍ය අර්ථයෙන් ගත් කල දුමින්දට සමාව දීමෙන් මේ රටේ තත්කාලයේ බලපවත්නා නීතියේ ආධිපත්‍යයට කිසිදු හානියක් සිදුවී නැත. #Lankaecast


More Stories
රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!
මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර