counter hit xanga

Litro Hybrid සිලින්ඩරය ගැන තින්දුව ගන්න ආයතන දෙකක්!

Last Updated on April 29, 2021 by Desman Chathuranga

Litro ගෑස් සමාගම හඳුන්වා දුන් ලීටර් 18 ප්‍රිමියම් සිලින්ඩරයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරිම සඳහා රජයේ ආයතන දෙකකට භාරදී ඇති බව සමූපකාර අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.අදාළ වාර්තාව ලැබිමෙන් පසුව එය අලෙවියට අවසර දීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

වැඩි දියුණු කරන ලද LPG Vapour Ullage එකක් සහිතව pioneers Premium Hybrid 18 Litre Cylinder පසුගියදා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙළඳ පොලට හදුන්වාදුන් නමුත් විපක්ෂයේ ඇතැම් කඩාකප්පල්කාරින්ගේ අසත්‍ය ප්‍රකාශයන් හේතුවෙන් එය විකිණීම මේ වනවිට නතර කර දැමිමට එම සමාගම කටයුතු කරනු ලැබුවා. මිළ සහ බර සම්බන්ධයෙන් පමණක් කතා කරන රටක නව තාක්ෂණය හදුන්වා දිමද එක අතකට විහිලුවකි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ නව නිෂ්පාදන හඳුන්වාදීමේ අයිතියක් නිෂ්පාදන සමාගම් සතුව ඇති බවත් ඒ අනුව නව ප්‍රිමියම් ගෑස් සිලින්ඩරය වෙළඳපොළට හඳුන්වාදීම සම්බන්ධයෙන් විරෝධයක් දැක්විය නොහැකි බ්වයි. නමුත් ඒ හරහා පාරිභෝගිකයන්ට යම් ගැටලුවක් මතුවන බවට චෝදනා එල්ල විම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම තමන්ගේ වගකීමක් බවයි.

වැඩිවන පාරිභෝගික ඉල්ලුම සපුරාලීම සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා Litro Gas Lanka අද්විතීය LPG විසඳුමක් හඳුන්වා දි තිබේ. ඒ අනුව ගෝලීය පිරිවිතරයන්ට අනුකූල වන පරිදි නව ප්‍රිමියම් හයිබ්‍රිඩ් 18 ලීටර් සිලින්ඩරය Litro pioneers Premium Hybrid 18 Litre Cylinder වෙළඳ පොළට හදුන්වා දි තිබේ.

නව ගෑස් සිලින්ඩරයට අඩු ලීටර් ප්‍රමාණයකට වැඩි මිලක් ගෙවීමට පාරිභෝගිකයාට සිදුව ඇති බව බැලු බැල්මටම වැටහෙන නිසා ඒ සම්බන්ධයෙන් අදාළ සමාගමේ නිලධාරීන් සමග ද සාකච්ඡා කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා සදහන් කළේ නව ගෑස් සිලින්ඩරයේ ගෑස් කිලෝ ප්‍රමාණය අඩුවී තිබුණද එහි ගුණාත්මක බව ඉහළ නංවා ඇති බවට සමාගම එම සාකච්ඡාවේදී තහවුරු වු බවයි.

ඒ අනුව සමාගම සඳහන් කළ කාරණාව සම්බන්ධයෙන් තාක්ෂණික වශයෙන් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ ආයතන දෙකකට භාරදුන් බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සදහන් කර සිටියා.