Last Updated on November 14, 2022 by Desman Chathuranga
රනිල් වික්‍රමසිංහ , ටිරාන් අලස් උසි ගැන්වූ “පිස්සු බල්ලෝ” බැද දමනු!!
මේ කතා කරන්නේ පොලීසියේ සිටින “නිල” සුනඛයන් ගැන නොවේ. එදා මෙදා තුර ශ්‍රී ලංකා පොලීසිය තුළ සුනඛ වෙස්ගත් බොහෝ නිලධාරීන් නොසිටියා නොවේ. එහෙත් උන් ගෙන් ඉතා සීමිත පිරිසකට හැර අනෙකුන්ට “ජල භීතිකා” රෝගය නොහොත් “පිස්සු බලු” රෝගය වැළදී නොතිබුණි.
දැන් දැන් ශ්‍රී ලංකා පොලීසියේ ඉහළ නිලධාරියාගේ සිට පහළ කොස්තාපල් දක්වා ඇති බහුතරයකට “පිස්සු බලු”රෝගය වැළදී තිබේ. අරගලයේ නිරතව සිටි සටන් කරුවන් දෙදෙනෙකු ගේ ඡායාරූප දෙකක් රැගෙන පාරේ නිහඩවම ගමන් කරන කාන්තාවන් දෙදෙනෙකුගේ ඇගට බුරා පැන අඩම්තේට්ටම් කරමින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පවා මේ පිස්සු බල්ලන් පියවර ගෙන තිබේ.
තම පහළ නිලධාරිනියන් පවා ගොදුරක් කර ගැනීම!!!
සුවිශේෂම කාරණාව වන්නේ තම පහළ නිලධාරිනියන් දෙදෙනකුගේ බෙල්ලෙන් අල්ලා පරුෂ වචනයෙන් බැණ වැදී තල්ලු කර දැමීමට තරම් එහි සිටි එක් “පිස්සු බල්ලෙකු”ගේ පිස්සුව හොදටම තද වී තිබීමයි. පනහක් , සියයක් තරම් ඉතා සුළු පිරිසක් හෝ සාමකාමීව නිහඩ උද්ඝෝෂණයක නිරත වුවත් මේ පිස්සු බල්ලන් විශාල පිරිසක් එතනට කඩා වැදී පාරවල් වසා පොලූ මුගුරු ගෙන පහර දෙමින් නරුමයන් සේ “යකා” නටන්නට පටන් ගෙන තිබේ.
රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නීතියෙන් බැඳී සිටින පොලිස් නිලධාරීන් එකී ජනතාවගේ සියලු අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින් නටන නාඩගම කව්රුන් වෙනුවෙන් ද යන්න ජනතාව නොදන්නවා නොවේ. තුච්ඡ දේශපාලකයන් තමන්ගේ පැවැත්මට “ජඩ” නියෝග නිකුත් කළ පසු එකී නියෝගය දෙගුණ තෙගුණ ලෙස ක්‍රියාත්මක කරමින් පිස්සු බල්ලන් සේ හැසිරීම දිනෙන් දිනම උග්‍ර වෙමින් තිබේ.
මේ පිස්සු බල්ලන් “නිර්වින්දනය” කර බැද දමනු!!!
රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් 1856 පනවන ලද පොලිස් ආඥා පනත යන යන තැන කියවමින් වියරු වැටුණු පිස්සු බල්ලන් සේ හැසිරෙමින් යන ගමන දැන්වත් නතර කළ යුතුය. සෙම පෙරමින් දුටු දුටුවන් සපා කමින් පාරේ දිවයන “පිස්සු බල්ලකු” ගැන පොලීසියට දැනුම් දුන් පසු පොලීසිය පැමිණ එකී පිස්සු බල්ලාට වෙඩි තබා මරා දමන්නේ උගෙන් ජනතාව බේරා ගැනීම පිණිස ය. මන්ද යත් “පිස්සු බලු රෝගය” මනුෂ්‍යයකුට වැළදුණහොත් එකී පුද්ගලයාගේ ජීවිතයද දැඩි අවදානමකට භාජනයවන බැවිනි.
තත්ත්වය එසේ තිබිය දී වත්මන් ශ්‍රී ලංකා පොලීසියේ සිටින “පිස්සු බලු රෝගය” වැළදුණු “දෙපා සුනඛයන්” ගෙන් ජනතාව බේරා ගැනීම පිණිස උන් වහා නිර්වින්දනය කර කූඩුවලට දමා ඉබි යුතුරු දැමීමට නියෝග නිකුත් කිරීම අධිකරණයේ අත්හල නොහැකි වගකීම බව දැඩිව අවධාරණය කරමු.
පෝද්දල ජයන්ත, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
More Stories
නැවුම් ජනවරම ලබාගැනීම නොවැළැක්විය හැකි අවශ්‍යතාවකි – ජෙහාන් පෙරේරා
අර්බුදකාරී කාලවලදී මූලික මූලධර්ම අනුගමනය කරන්න – ජෙහාන් පෙරේරා
ලෝක බැංකු ණය මුදල, IMF සහනය සහ චීන පොරොන්දුව: මේවා යහපත් ප්රවෘත්ති වුනත් විසඳුම් නොවේ