counter hit xanga
September 23, 2021

මෛත්‍රී,එස්.බී ඇමති වෙයි! ගම්මන්පිලගේ ඇමතිකම?

MY3 SB Udaya lankaecast

Last Updated on June 28, 2021 by Panduka Herath

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ් අතර හටගෙන තිබේන අර්බුදය සමනය කිරිම සදහා අමාත්‍ය ධුර කිහිපයක් ලබාදිම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුල සිදුවිමට නියමිත කැබිනට් සංශෝධනයේදි මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ එස්.බී. දිසානායක මහතාට එම අමාත්‍ය ධුර පිරිනැමෙනු ඇත.

ඉදිරි දින කිහිපය තුල නියත වශයෙන්ම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන බව ජනාධිපති ගෝඨාභය මහතා මේ වනවිටත් තහවුරු කර තිබෙන අතර බොහෝවිට එය ලබන 8 වැනිදා සිදුකිරිමට නියමිතයි.

එහිදි බැසිල් රාජපක්ෂ මහතා ද කැබිනට් අමාත්‍ය තනතුරක දිවුරුම් දීමට නියමිත අතර නිදහස් පක්ෂයේ සිට පොදු ජන පෙරමුණට එක්වූ දෙදෙනෙකුට ද රාජ්‍ය අමාත්‍ය තනතුරු හිමි විමටද නියමිතයි.

මේ අතර අර්බුදයකට ලක්ව සිටින බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ අමාත්‍යාංශයේ වෙනසක් විමටද නියමිතව තිබේ.

කෙසේවෙතත් තමා අමාත්‍යධුරයක දිවුරුම් දිමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දිනකදි කැබිනට් අමාත්‍යධුරයක දිවුරුම් දීමට නියමිතව ඇති බව අද දින (28) මාධ්‍ය තුළ පළවු වාර්තාව සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

එසේම හිටපු ජනාධිපතිවරයා අමාත්‍යධුරයක් හෝ කිසිදු තනතුරක් තමාවෙත ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලිමක් කර නොමැති බවත් එවැනි කිසිදු තනතුරක් ලබාගැනිමට ඔහු බලාපොරොත්තු නොවන බවත් එම නිවේදනයේ දැක්වෙයි.