counter hit xanga
June 13, 2021

සහරාන්ට සහය දුන් තවත් දෙදෙනෙකු මාට්ටු!

පාස්කු ප්‍රහාරය එල්ල කිරිමට නායකත්වය දුන් ප්‍රධාන ඝාතක සහරාන් හෂීම් නමැත්තා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔහුට ආරක්ෂාව සැලසූ බව කියන පුද්ගලයන් දෙදෙනකු මඩකළපුවේ දී සහ කාහටගස්දිගිලියදි අත් අඩංගුවට ගෙන තිබේ.

ආගමික අන්තවාදය සහ ආගමික මතවාදය පැතිරවීම සහ සහරාන් හසීම් නැමැත්තාට ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් ඔහුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

අත්අඩංගුවට ගත් දෙදෙනා 35 හැවිරිදි හා 47 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු වන් අතර 2018 වර්ෂයේ දී සහරාන් හසීම් ඇතුළු වූ පුද්ගලයන් පස්දෙනකුට සැඟවී සිටීමට ආරක්ෂාව සැලසීම ඔහුන්ට එරෙහිව එල්ල වි තිබේන චෝදනා වේ.

එක් පුද්ගලයෙකු මඩකලපුවේ බන්ධනාගාර ගතව සිට ඇති අතර ඔහු කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

සැකකරුවන් දෙදෙනාගෙන් රඳවා තබාගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.