counter hit xanga

සැකකරු මහමඟ මියයයි! පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්!

Last Updated on June 7, 2021 by Desman Chathuranga

අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ජීප් රථයෙන් පැන මියයාම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සදහන් කළේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ පානදුර උතුර වත්තල්පොළ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් 42 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

ඊයේ (06) නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත පානදුර උතුර වත්තල්පොළ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් පුද්ගලයකු පොලිසියට රැගෙන යමින් සිටියදී ධාවනය වන ජීප් රථයෙන් පැනීමට උත්සහා කිරීමේදී ඇදවැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුනා.

ජිවිතක්ෂයට පත්වු පුද්ගලයා නිරෝධායන නීති කඩකරමින් ඥාති නිවසකට ගමන් කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තෙ.අනතුරුව සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී ජීප්රියේ පිටුපස දොර විවෘත කරගෙන ධාවනය වෙමින් තිබූ ජීප් රථයෙන් බිමට පැන ඇතැයි උප පොලිස් පරීක්ෂක වරයා සහ සැරයන්වරයා පවසා තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

සැකකරුවෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම නිලධාරින් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කර නොමැති බව පෙනී ගොස් ඇති බැවින් වැඩ තහනම් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය සදහන් කළේ.

පොලිස් අධිකාරීවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් විනයානුකූලව කටයුතු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවද ඔහු සදහන් කළා.