counter hit xanga

කපුවාගේ කුරුස සෙල්ලම! දෙදෙනෙකු රෝහලේ!

Last Updated on June 27, 2021 by Desman Chathuranga

දේවාලයක කපුවකු පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් කුරුසියේ ඇණ ගසන අයුරින් තබා ඇණ ගසා තුවාල කිරීමේ සිද්ධියක් බලගොල්ල ප්‍රදේශයේන් වාර්තා වේ.

අදාළ කපුවාට Facebook හරහා අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මේ අකාරයට කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් දේවාලයක් පවත්වාගෙන යන කපුවෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම සිද්ධිය පසුගිය 25 වැනි දා සිදුව ඇති අතර සැකකාර කපුවා ඇතුළු පිරිසගේ හිංසනයට ලක්ව තුවාල ලැබු දෙදෙනා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබයි.

මුහුණු පොත හරහා අපහාස කළ බව කියන දෙදෙනා කපුවාගේ නිවසට ගෙන්වාගෙන පසුව අම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් තවත් පිරිසක් සමග එක්ව ඔවුන්ට පහර දී කුරුසියේ ඇණ ගසන ආකාරයෙන් ලී කොටවල තබා ඇණ ගසා ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධියෙන් අනතුරුව මෙම කපුවා සහ ඔහුට සහාය වූ පිරිස ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.