counter hit xanga
June 26, 2022

මතකය රිදවයි…තාමත් ගැඹුරින්…අමතක නෑ විලාප හඬවල්…

Last Updated on April 20, 2021 by Panduka Herath

පාස්කු ප්‍රහාරයට හරියටම අදට වසර දෙකයි… ආණ්ඩුව මොනවාද කළේ? එදා දැන දැනම රටේ ජනතාවගේ ජිවිත අවදානමකට දමපු යහපාලන ආණ්ඩුව මෙහෙයවපු හිටපු ඇමතිවරු වගේම අන්තවාදීන් සමග සිරි යහන් වල සැතපුනු අය අද අහනවා ආණ්ඩුව මොනවාද කළේ? කියලා… 2019 Sri Lanka Easter bombings

ඇත්තටම ආණ්ඩුව මොනවාද කලේ?

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සලකා බලන විට වත්මන් ආණ්ඩුවට ප්‍රධාන වගකීම් දෙකක් පැවරෙ….. එක අනාගතයේ මෙබඳු ප්‍රහාරයක් සිදු විමට ඉඩක් නොතැබීමය. දෙක ප්‍රහාරයේ වගකීම දැරිය යුතු සියලු අපරාධකරුවන්ට නීති ප්‍රකාර දඬුවම් දීමය. මේ දෙකම සරල කාරණා නොවේ. නමුත් ආණ්ඩුව එම ප්‍රශ්ණ දෙකටම සාර්ථකව විසදුම් ලබා දෙමින් සිටින බව විචක්ෂණශීලිව බැලුවහොත් ඔබට දැකිය හැකිය.

ඉස්ලාම් අන්තවාදය ජාත්‍යන්තරය සමඟ ගැට ගැසී තිබේන බව නොරහසකි. එබැවින් ලෝක මට්ටමින් ඒ ගැන සලකා බලන්නට සිදු විම අමුතුවෙන් කිවයුතු නැත. නමුත් විපක්ෂයේ මෙන්ම අන්තවාදීන් රකින අයගේ ප්‍රධානම චෝදනා වන්නේ අපරාධකරුවන්ට දඬුවම් දීමේ ප්‍රමාද කරන බවයි. ප්‍රහාරයක් සිදුවන බව දැන දැනම රට පැන්න එවකට සිටි ජනාධිපතිවරයාගේ සිට අමාත්‍ය මණ්ඩලයකටම එම චෝදනාව කිරිමට සිදුවිම කෙතරම් දෛවෝපගතද?

ප්‍රමාදයට බොහෝ සෙයින්ම බලපා ඇත්තේ සිද්ධියෙහි සංකීර්ණ ස්වභාවයයි. ඒදා මාවිල් ආරු සොරොව්ව අසල සිට වෙල්ලිමුල්ලිවයිකාල් දක්වා එක හුස්මට ගසාගෙන ගොස් පාස්කු ඝාතකයන්ට් දඩුවම් දිය හැකිද? කිසිවිටකත් එය සිදුකල නොහැක.මේ වන විට එකසිය ගණනක් අත්අඩංගුවේ පසු වෙති. එයින් මහ මොළකරු ඇතුළු තිස්දෙදෙනකුට නඩු පැවරීමට කටයුතු කරමින් සිටි.කිසියම් සිද්ධියක හෝ අපරාධයක හෝ මහ මොළකරු සෙවීම දේශපාලන ප්‍රවණතාවක් බවට පත්ව තිබූ නමුත් අද වනවිට එය මහජන අවශ්‍යතාවක් බවට ද පෙරළී තිබේ.

කවුද මේ මහ මොළකරු…..

පාස්කු ප්‍රහාරය නිර්මාණයක් දක්වා සැලසුම් කිරිම හෙවත් සැලසුම්කරුවා,ප්‍රධාන මෙහෙයවන්නා , වගකීම් දරන්නා මහ මොළකරු වේ. දේශපාලන කොණයකින් බලන ඇල්මැරුන විපක්ෂය මෙන්ම අන්තවාදීන්ගේ මුදල් මත යැපෙන ඇතැම් කල්ලි කණ්ඩායම් වලට අවශ්‍ය මහ මොලකරු වන්නේ කවුරුන්ද නොව මහජනයා ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එහි සැලසුම්කරුවා හා නායකයා අත්අඩංගුවට ගෙන දඬුවම් ලබා දෙන්න කියාය.දැන් විපක්ෂය මහා මොලකරුවන් ගැන විවිධ කතා කියති.

නමුත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන් අතර ප්‍රධානතමයා වශයෙන් ආරක්ෂක අංශ මේ වනවිට අනාවරණය කරගෙන ඇත්තේ නවුෆර් නම් මවුලවිවරයෙකි. මවුලවිවරයා මේ වන විට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසු වෙයි. ඔහු සම්බන්ධයෙන් පරික්ෂණ අඛණ්ඩවම තවමත් සිදු වෙමින් තිබේ. ඔහුට සහය දුන් බව කියන හජ්ජු රබ්බාර් යන අයද අත් අඩංගුවේ පසුවෙයි.

ජනතාවගේ පැත්තේන් සිතා බැලිය යුතු කරුනු ගණනාවකි!

ජනතාව මෙන්ම පාස්කු ප්‍රහාරය හේතුවෙන් ජිවිත අහිමි වු පවුල් වල ඥාතින් මෙන්ම යුක්තිය ඉල්ලා දෙවියන් වහන්සේ ඉදිරියේ ආයාචනා කරන කිතුනු බැතිමතුන් මෙන්ම කවර ආගමකට අයත් වුවත් ත්‍රස්තවාදය,අන්තවාදයට එරෙහිව සටන් කරන ජනයා සිතා බැලිය යුතු කරුණ නම් අද යහපාලනය ….හෝ යමපාලනය නොහොත් රනිල්, මෛත්‍රී,රිෂාඩ්, හකිම් TNA,අනුර,…රාජිත,මංගල එකි මෙකි සියලුම බලවේග සහිත කණ්ඩායම් අදත් බලයේ සිටියේ නම් ………….

ඔව් ඔබට සීතන්නට කාලයයි … එසේ වුවා නම් අද මහ මොළකරුවෙකු ගැන කතා කරන්නට ඉඩක් නැත. මහ මොළකරු ගෙදරින් නොව රටෙන්ම ගොස් බොහෝ කාලයකි…. යමපාලන නඩය එදා මෙන්ම සිනහා වෙමින් ඔහුන් සමග ප්‍රසිද්ධියේ ආතල් ගනු ඇත. අන්තවාදීන්, වගකිවයුත්තන් ලොවේත් නොව ලොවි ගහෙත් සොයා ගැනිමට නොහැකි වනු ඇත.

අන්තවාදී ප්‍රහාරයට වසර දෙකක්! මතකද මේ කතා

එදා බල්ලට ගිය ජාතික ආරක්ෂාව ….

අද කට උල් කරමින් මහා මොළකරු ගැන කතා කරන අනුර,… අද ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂලා රට පාලනය නොකලේ නම් මහ මොලකරු ගැන කතා කරයිද?

අනුරලාට,වජිරලාට NGO කාරයන්ට අවශ්‍ය වන්නේ දේශපාලන මහ මොළකරුවෙකි. අනිත් අතට ඒ මහ මොළකරු රාජපක්ෂ නාමයක්ද සහිත් අයෙකුය. ඒ නිසාම ජිවිත 250ක් පමණ බිලිගත්,තවත් 400කට අධික ජනතාවකට තුවාල සිදුකල ඇත්ත මහා මොළකරු අල්ලා ගැනිමට ඔහුන්ට අවශ්‍යතාවක් නැත. .. 2019 නොවැම්බර් 19 වැනිදා මේ ආණ්ඩුව බලයට පත් නොවුයේ නම්…. පාස්කු ප්‍රහාරය පසුපස සිටි මහා මොළකරු ඇතුලු කල්ලිය සහරාන් ලෙස පෙන්වා බෝම්බ සමගම පුපුරුවා අවසන් කිරිමට සුදානමින් සිටි බව ඔබ දන්නවාද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන අන්දමට ඉස්ලාම් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අවදි‍යෙන් සිටීමට සෑම රාජ්‍යයක්ම උත්සුක විය යුතුය. එහි ඊළඟ සිදුවීම කුමන ස්ථානයකින් මතුවේ දැ’යි කිව නොහැකිය. මෙහි ත්‍රස්ත නායකයන් මිය යන්නට පුළුවන. ඇතැම් රටවලදී සංවිධාන තහනමකට ලක්වන්නට පුළුවන. තවත් පුද්ගලයන් හිර භාරයේ සිටින්නට පුළුවන. එහෙත් ඉස්ලාම් ත්‍රස්තවාදය අවසන් වන්නේ නැත. ගිය වසර තුළ ඉරාකයේ පමණක් ප්‍රහාර සිය ගණනක් සිදු කිරීමට මේ ත්‍රස්ත සංවිධානය සමත් විය. මේ සංවිධානයට ඇති තරම් මුදල් ඇති බැවින් ඉතා ඉක්මනින් තරුණ පරපුර ආකර්ෂණය කරගත හැකිය. ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා උගත් තරුණයෝ බවද අමතක නොකල යුතුය.

ඔව්…. ප්‍රහාරය පසුපස මහ මොළකරුවන් තවත් සිටි නම් අනිවාර්යයෙන් ඔහුන්ද අත් අඩංගුවට ගත යුතුය….. ඊට අදාළ මාවත මේ වනවිට සකස් වෙමින් තිබේ. අනිත් අතට එවකට සේනාධිනායකයා ලෙස සිටි මෛත්‍රී ජනාධිපතිවරයාට මේ වගකිමෙන් නිදහස් විමට හැකියාවක් නැත. මන්ද ප්‍රහාරය ගැන තොරතුරු ලැබෙමින් තිබියදි ඒ සියල්ලම පැත්තක තබා වැඩකට නැති වැඩ කරමින් රටේ ජනතාවගේ ජිවිත අවදානමකට ලක් කිරිම පහසුමෙන් මිදි යා හැකි චෝදනාවක් නොවේ. මෛත්‍රී හිටපු ජනාධිපතිවරයා එය දැන ගෙන කටයුතු කිරිම නුවණට හුරුය. මෛත්‍රී පමණක් නොවේ එවකට අගමැති කම දැරු රනිල් වික්‍රමසිංහ ඇතුලු ආරක්ෂාව වෙනුවෙන් වගකිවයුතු සියලුම දෙනා මේ සදහා වගකිවයුතුමය. එසේනම් එම වගකිම් පැහැර හැරි කිසිවෙකුටත් ගැලවි යැමට ඉඩක් තිබිය නොහැක.

අන්තවාදී ප්‍රහාරය එල්ල කල සහරාන්ගේ සාක්ෂි විනාශ කල හැටි….

පාස්කු ප්‍රහාරයට වසර දෙකක් පිරීමට දිනක් තිබියදි රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශයකින් උපුටාගත් කොටසකි.

වසර දෙකකට පසුව….

අදට ප්‍රහාරය සිදු වී වසර දෙකක් සම්පූර්ණ වෙයි. වසර දෙකක් ගෙවී යනතුරු ද අපරාධකරුවන්ට දඬුවම් නොලැබීම ගැන වින්දිතයන් තුළ ආවේගයක් මතු වීමට පුළුවන. එබඳු ආවේගයක් මතු වීම ස්වභාවිකය. ‍එමෙන්ම සාධාරණය. අනිත් අතර කිතුණු ප්‍රජාව නියෝජනය කරන අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පිධනයට ලක්විමද සාධාරණය. අනිත් අතට හිමිපාණන් සිදුකරන ප්‍රකාශ වල වචන අල්ලා ගනිමින් අන්තවාදීන්ට උල්පන්දම් දෙන කණ්ඩායම් සිදුකරන ප්‍රකාශන් හමුවේද කාදිනල් තුමන් දැවැන්ත පිධනයකට ලක්වෙන බව අමුතුවෙන් කිවයුතු නැත. අනිත් අතට ලාංකිය ජාතියක් ලෙස කාදිනල් හිමිපාණන් හට අප ණය කරුවන් ය. මන්ද අන්තවාදී ප්‍රහාරය ජාතිවාදී ප්‍රහාරයක් දක්වා ව්‍යාප්ත නොවිමට උන්වහන්සේ කල කැපකිරිම අපිරිමිතය.

අවසන් වශයෙන් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ප්‍රහාරයට සම්බන්ධ කිසිදු අපරාධකරුවකුට නීතියෙන් ගැලවීමට ඉඩක් නැති බවය. එය කාගේත් සැනසිල්ලට හේතුවක් වනු නොඅනුමානය.

මතකය රිදවයි… තාමත් ගැඹුරින්… අමතක නෑ විලාප හඬවල්