Last Updated on May 24, 2021 by Panduka Herath
එක්සත් ජනපද නාවික හමුදාවේ වීඩියෝවක් තුළ අද්භූත වස්තුවක් ජලයට නොපෙනී යන අයුරු විඩියෝවක පටිගත වි තිබේ. මෙම වීඩියෝ පටය හමුදා නිලධාරියෙකු විසින් පටිගත කර ඇති බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තු විසින් සනාථ කර තිබේ.
පියාඹන පිරීසි හෙවත් UFO එකක් ජලය මත ගිලිමින් නොපෙනී යන බවට වු විඩියෝව සම්බන්ධයෙන් ඇමරිකානු පෙන්ටගනය විසින් විමර්ශන ආරම්භ කර තිබෙන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා අනාවරණය කරනවා. ඒ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයාගෙන්ද ප්‍රශ්ණ කිරිමට කටයුතු කරමින් සිටින බවයි ඇමරිකානු මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
වාර්තා චිත්‍රපට නිෂ්පාදක සහ UFO සම්බන්ධයෙන් පර්යේෂණ වල යෙදෙන Jeremy Corbell (ජෙරමි කෝබෙල්) විසින් නිකුත් කරන ලද දර්ශනවල එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ඔබ්බෙන් වූ නාඳුනන පියාසර වස්තුවක් (UFO) ජලයට නොපෙනී යන අයුරු දැක්වේ. අදාළ වීඩියෝ පටය කෝබෙල් විසින් මැයි 15 වන දින නිකුත් කරන ලදී.
ජෙරමි කෝබෙල්ට අනුව, මෙම දර්ශන එක්සත් ජනපද නාවික හමුදාව විසින් සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් 2019 ජූලි මාසයේදී පටිගත කර තිබේ.අධෝරක්ත කැමරාවක් හරහා සාගරයට ඉහළින් පියාසර කර පසුව ජලයට නොපෙනී යන අඳුරු ගෝලාකාර වස්තුවක් වීඩියෝවේ දැක්වේ.
හමුදා නිලධාරියෙකු එම වස්තුව අතුරුදහන් වන විට “it splashed” යයි කියනු ඇසෙනු බවද මාධ්‍ය වාර්තා වල සදහන් වේ.
More Stories
නිශාරා,දුමින්ද යුග දිවියට?
අරගලයට ආ ලේසර් කිරණ!
වසර 150 ඉපැරණි අගුරු කොච්චියට ජල බටයට වුන දේ!