Last Updated on July 1, 2021 by Panduka Herath
එක්සත් රාජධානියේ කැබිනට් අමාත්‍ය Matt Hancock (මැට් හැන්කොක්) සිය ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.
Matt Hancock,මන්ත්‍රීවරියක වන Gina Coladangelo ඔහුගේ සෞඛ්‍ය හා සමාජ සත්කාර දෙපාර්තමේන්තුවේ කාර්යාලයේදී සිප ගනිමින් සිටින අවස්ථාවක් CCTV මගින් අනාවරණය වීමත් සමග මෙම ඉල්ලා අස්විම සිදුව තිබේ. Covid සමාජ දුරස්ථ නීති රීති ලිහිල් කිරීමට පෙර මෙම සිදුවිම සිදුව ඇති අතර ඒ හේතුවෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන Matt ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.
“එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය Boris Johnson වෙත ලිපියක් යවමින් හැන්කොක් පවසා ඇත්තේ ,
“owe it to people who have sacrificed so much in this pandemic to be honest when we have let them down” යනුවෙනි.
“Sun” පුවත් පත මේ සම්බන්ධයෙන් අනාවරණය කිරිමත් සමග මැට් හැන්කොක් සිය Twitter ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ “I have been to see the Prime Minister to resign as secretary of state for health and social care” යනුවෙනි.
42 හැවිරිදි විවාහක කොන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 43 හැවිරිදි ජිනා කොලඩන්ජෙලෝව ඔහුගේ සෞඛ්‍ය හා සමාජ සත්කාර දෙපාර්තමේන්තුවේ කාර්යාලයේදී සිප ගනිමින් සිටින බව සීසීටීවී ඡායාරූප මගින් අනාවරණය වී තිබේ. කොලඩන්ජෙලෝ හැන්කොක්ගේ පැරණි මිතුරෙකි.
සිය ඉල්ලා අස්වීමේ ලිපියේ හැන්කොක් සදහන් කර ඇත්තේ (අදාල ලිපිය පහත අමුණා ඇත.)
“මග පෙන්වීම කඩ කිරීම ගැන මාගේ සමාව නැවත අවධාරණය කිරීමටත්, මගේ පවුලේ අයගෙන් සහ ආදරණීයයන්ගෙන් සමාව අයැදීමටත් මට අවශ්‍යය. මේ අවස්ථාවේදී මගේ දරුවන් සමඟ සිටීමටද මට අවශ්‍යය.”
COVID අගුළු දැමීමේ මග පෙන්වීම පිළිබඳ මහජන විශ්වාසය අඩපණ කිරීම නිසා ඉල්ලා අස්වන ලෙස විපක්ෂයෙන් මෙන්ම ඔහුගේම ටෝරි පක්ෂයෙන් ද ඔහුට පීඩනය එල්ල තිබේ.

[url=http://cheapdrugs.store/#]ed medications over the counter[/url]
clomid for sale buy clomid 50mg buy clomid