Last Updated on June 20, 2021 by Desman Chathuranga
X-Press Pearl නෞකාව ගිනීගෙන ගිලීයාම හරහා පරිසර පද්ධතියට අන්තරායකර ද්‍රව්‍ය මුදා හැරීමෙන් “පෘථිවියට සැලකිය යුතු හානියක්” සිදුව ඇති බව United Nations representative in Sri Lanka (එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා) සදහන් කර තිබේ.
නෞකාවේ ගින්නෙන් මසකට පසු පසුගිය (ජුනි 17) බ්‍රහස්පතින්දා ගිලී ගියේ පාරිසරික විපතක් සිදුවිය හැකි බවට අනතුරු අගවමින් බවයි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා Hanaa Singer-Hamdy සදහන් කර ඇත්තේ.
“An environmental emergency of this nature causes significant damage to the planet by the release of hazardous substances into the ecosystem,”
“මෙවැනි පාරිසරික හදිසි අවස්ථාවක් නිසා පරිසර පද්ධතියට අන්තරායකර ද්‍රව්‍ය මුදා හැරීම මගින් පෘථිවියට සැලකිය යුතු හානියක් සිදු වේ”
මෙය වෙරළබඩ ප්‍රදේශවල ජනගහනයේ ජීවිත හා ජීවනෝපායන්ට තර්ජනයක් බව පෙන්වා දෙන ඇය ජාත්‍යන්තර ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීම සහ අනාගතයේ දී සිදුවන හානිය, ප්‍රකෘතිමත් වීමේ උත්සාහයන් සහ එවැනි ආපදා වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම අවශ්‍ය බවද සදහන් කර තිබේ.
යුරෝපා සංගමය විසින් එක්සත් ජාතීන්ගේ තෙල් කාන්දුව සහ රසායනික විශේෂඥයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවා ඇති බවද වාර්තා වේ.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?