Last Updated on May 18, 2021 by Desman Chathuranga
යෝජිත වරාය නගර කොමිසම පනත් කෙටුම්පත තැනින් තැන කොටස් ගලවා දැමූකල අංගවිකල නීතියක් බවට පත් කිරිම භයානක තත්ත්වයක් විය හැකි බව ජ්‍යේෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දෙනවා.
යෝජිත වරාය නගර කොමිසම පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය පළකිරීමත් සමඟ ඒ පිළිබඳව අදහස් දැක්වීම සඳහා 43 වන සේනාංකය සහ නීති ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපාරය අද (මැයි 18) මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එහිදි අදහස් දැක්වු ජ්‍යේෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක කියා සිටියේ වහාම ශ්‍රේෂ්ඨාධිකරණ මතය පිලිබඳව සලකා නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කල යුතු බවයි.
ඒ සදහා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන්ගේ උපදේශක කමිටුව මගින් මෙයට පෙර යෝජනා කරන ලද කෙටුම්පත් යෝජනාවද යහපාලන රජය සමයේ ඉදිරිපත් වූ කෙටුම්පත් යෝජනාව ද සැලකිල්ලට ගතහැකි බව පෙන්වා දෙන ලදී.
ඉදිරි දින දෙකක කාලය තුළ පනත විවාදයට ගැනීමේදී අදාළ අනනුකූල වගන්තීන් සංශෝධනය කර පනත සාමාන්‍ය බහුතරයෙන් සම්මත කර ගැනිමට රජය කටයුතු කරනු ඇති බවද ශීරාල් ලක්තිලක පෙන්වා දුන්නා.
[url=http://cheapdrugs.store/#]ed meds online[/url]
ivermectin. stromectol for humans for sale stromectol for humans for sale