counter hit xanga
October 26, 2021

මනුෂ්‍ය ඝාතන 7 ක් හා කොල්ලකෑම් 22ක් කල “තාරක” ඉල්ලන් කයි!

Last Updated on May 13, 2021 by Panduka Herath

කොස්ගොඩ, මාතර, මොරටුව හා කොට්ටාව පොලිස් වසම් තුළ සිදුකළ අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙක් වෙන තාරක පොරේරා නොහොත් කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.බස්නාහිර පළාත් උතුරු අපරාධ අංශයේ අත්අඩංගුවේ පසුවූ සැකකරු අද අලුයම් කාලයේදී මීරිගම රේන්දපොල ප්‍රදේශයට මෙහෙයුමක් සඳහා රැගෙන ගිය අවස්ථාවේ ඇතිවූ සිද්ධියකදී පොලිසිය සිදුකල වෙඩි තැබිමකින් මියගොස් තිබේ. පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

අවුරුදු 34ක් වන සැකකරු විවිධ ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන 7 ක් හා කොල්ලකෑම් 22කට සම්බන්ධ සැකකරුවෙක් සැකකරුවෙක් වන අතර 2017 වර්ෂයේදී ස්වර්ණාභරණ කඩයක් කොල්ලකෑමකට යාමේදී සැකකරු විසින් පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරිමේ චෝදනාවද එල්ල වි තිබේ.

විශේෂ විමර්ශනය සඳහා සහභාගීවී සිටි තාරක විසින් පොලීසියට ප්‍රහාරයක් එල්ල කිරීමට තැත්කළ අවස්ථාවේ බස්නාහිර උතුර කොට්ඨාශයේ නිලධාරීන් විසින් ගිනි අවි භාවිතාකර බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. එහිදී ඇතිවූ සිද්ධියේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුද තුවාල ලබා ප්‍රතිකාර කිරීම සඳහා වතුපිටිවල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සැකකරුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිපතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ රැදවුම් නියෝග මත රදවා සිටි කොස්ගොඩ තාරකව හදිසියේ පෑලියගොඩ විශේෂ අපරාධ ඒකකයට රැගෙන ගොස් තිබුණා.

අදාළ සැකකරුව ආයුධ පෙන්වීමට ගෙන ගොස් ඝාතනය කිරීමට ඉඩක් ඇති බව සඳහන් කරමින් කොස්ගොඩ තාරක හෙවත් ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකරගේ මව අවස්ථාවන් දෙකකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර තිබුණා.

එමෙන්ම ඇයගේ උපදෙස් මත නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි මහතා ඊයේ (12) දිනයේ මානව හිමිකම් කොමිසන් සභාවට, පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට හා පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලිපි 4 ක් යොමු කර තිබුණා.

අදාළ ලිපිවලින් කොස්ගොඩ තාරකගේ මව පෙන්වා දී ඇත්තේ අවස්ථා කිහිපයකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි රැදවියන් ප්‍රසිද්ධ ස්ථාන වෙත රැගෙන ගොස් ප්‍රශ්න සහගත ලෙස මරණයන් සිදුවීමේ පූර්ව අත්දැකීම් ඇති බැවින් සිය පුත්‍රයාගේද මානව අයිතිවාසිකම් කුමන මොහොතක හෝ උල්ලංඝණය වීමට ඉඩ ඇති බවට සාධාරණ බියක් ඇති බවයි.

එමෙන්ම පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට හා පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ හදිසියේ පෑලියගොඩ විශේෂ අපරාධ ඒකකය වෙත රැගෙන ගිය තම දරුවාගේ ජීවිතයට එල්ලවී ඇති තර්ජනය පිළිබදව මීට පෙර මානව හිමිකම් කොම්සම හා අධිකරණය දැනුවත් කර ඇති බවයි.