counter hit xanga
March 26, 2023

මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!

Last Updated on February 3, 2023 by Desman Chathuranga

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් මිලියන 7 ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් UNICEF නවතම වාර්තාව පෙන්වා දි තිබේ. එවන් තත්ත්වයක් යටතේ ලෝකයටම ණය වි මිලියන ගණනින් මුදල් වෙන් කරමින් වැඩකට නැති නිදහසක් සැමරිමට කටයුතු කිරිමින් සිටිම ලැජ්ජාවවට කරුණකි.

ඖෂධ හිඟය, ආහාර අනාරක්ෂිතභාවය, ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොමැති වීම සහ දීර්ඝ විදුලි කප්පාදු හේතුවෙන් ළමුන් සඳහා අත්‍යාවශ්‍ය සේවා වන සෞඛ්‍ය, අධ්‍යාපන සහ පෝෂණ සේවාවලට බලපෑම් එල්ල වී ඇති බවයි එම වාර්තාව පෙන්වා දෙනවා.ඖෂධ හිඟය, ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැති වීම සහ විදුලි කප්පාදුව රෝහල් වල සායන ප්‍රතිකාර සහ ශල්‍යකර්ම වලට බලපෑමක් එල්ල කර ඇති බව පෙන්වා දෙන එම වාර්තාව් 2022 වසරේ ශ්‍රී ලංකාවේ ළමුන් 56000 ක් උග්‍ර පෝෂණ ඌනතා වලින් පෙළෙන බවට ඇස්තමේන්තු කළ බවත් ළමුන් 18420 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවද සදහන් කර තිබේ.

UNICEF මානුෂීය මැදිහත්වීම් හරහා 2022 දී මානුෂීය ආධාර සහිත ළමුන් 750,000 ක් ඇතුළුව මිලියන 1.3 කට අධික ජනතාවක් වෙත ළඟා විය.

UNICEF මැදිහත්වීම් හරහා නාගරික ප්‍රදේශවල 800,000 කට අධික පිරිසකට ආරක්ෂිත පානීය ජලය සඳහා ප්‍රවේශය ඇත, ග්‍රාමීය සහ වතු ප්‍රදේශවල ළමුන් 285,403 කට අධ්‍යාපනික ද්‍රව්‍ය ලබා දී ඇත, සහ ප්‍රජාවන්හි සහ පාසල්වල මානසික සෞඛ්‍ය සහ මනෝ සමාජීය ආධාරක සේවාවන්ගෙන් නව යොවුන් වියේ 205,000 ප්‍රතිලාභ ලබා ඇත. UNICEF විසින් නියමු මානුෂීය මුදල් හුවමාරුව 2022 දී කොළඹ නාගරික බල ප්‍රදේශයේ මාස තුනක කාලයක් සඳහා කුඩා දරුවන් සිටින මව්වරුන් 3,010 දක්වා ළඟා වූ අතර එය 2023 දී මව්වරුන්/උපකාර කරන්නන් 110,000 දක්වා ඉහළ නංවනු ලැබේ.

UNICEF Sri Lanka Humanitarian Situation Report