counter hit xanga
October 18, 2021

මහරගම පොලිස් නිලධාරියාගෙන් පහර කෑ රියදුරාගේ කවුරුත් නොදත් සත්‍ය කතාව

Last Updated on April 3, 2021 by virajariyawansha

මහරගම පොලිස් නිලධාරියාගෙන් පහර කෑ රියදුරාගේ කවුරුත් නොදත් සත්‍ය කතාව.

මේ දිනවල අපේ රටේ සමාජයේ වගේම පිට රටවල් වල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයෝ හැමෝම වගේ කතා බහට ලක්වෙන සිද්දියක් තමයි මහරගම පොලිසිය අමානුෂික ලෙස රියදුරෙකුට සිදුකල රෙස්ලින් ප්‍රහාරය ගැන. ඉතින් එම ප්‍රහාරය එල්ල කරපු පොලිස් නිලධාරිය මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියනවා. නමුත් අපිට සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුනේනම් මීට හාත් පසින්ම වෙනස් කතාවක්. පොලිස් නිලධාරිය මානසික රෝහලේ, ගුටි කාපු රියැදුරා සදාකල් රෝද පුටුවේ වගේ දේවල් තමයි අහන්නට දකින්නට ලැබුණේ. නමුත් අද අපි කියන්නට යන්නේ මේ සිදුවීමේ කවුරුත් නොදත් සත්‍ය කතාව ගැන. ඉතින් මේ ගැන ඇත්තම කතාව දැන ගන්න අපි ඒ ගුටි කාපු රියදුරත් එක්ක කතා කලා. ඔහුගේ නම තමයි කලෛමගල් ප්‍රවීන්. ඉතින් හැමෝම කතාවෙන මේ රෙස්ලින් පහර කන්න හේතුව ඔහු මෙන්න මේ විදිහටයි අපිට කිවුවේ.

මම එළවලු කඩයක් තමයි කරන්නේ. ඒකට තමයි අපි එළවලු ගේන්නේ. ඒ ගේන්නේ බණ්ඩාරවෙල ඉදලා. එදා මම බණ්ඩාරවෙලින් පොඩ්ඩක් පරක්කු වෙලා තමයි එහෙන් ආවේ. එහෙන් එනකොට පාන්දර එකයි. ඉතින් ඒ එද්දී මහරගම හරියේදී ට්‍රැෆික් එකට සෙට් උනා. එතකොට වෙලාව පහුවෙනිදා උදේ අටට විතර ඇති. ඉතින් එතෙන්ට ඇවිත් මන් ට්‍රැෆික් එකේ ඉන්නකොට අව්ව සැරට නින්ද ගියා. ඒ නිදිමතෙන් තමයි, මන් වත් දන්නෑ වාහනේ කොහොමද මන් හිටපු තැන ඉදලා අනිත් පැත්ත පාරට හැරුනේ කියලවත් මන් දන්නෑ. අර පාර අයිනේ තියන ගැට්ටේ වැදුනට පස්සේ තමයි මන් එක පාරටම ඇහැරුනේ. එතකොට මගේ වාහනේ ඉස්සරහා එක්කෙනෙක් යට වෙන්න ඔන්න මෙන්න ඉන්නවා කියලා මගේ ඇහැට එක පාරටම චායව දැක්කා. මන් එක පාරටම සුක්කානම කපලා අපහු වාහනේ පාරට ගත්තා. එයාගේ ලගින් තමයි වාහනේ ගියේ. සයිඩ් කණ්ණාඩියේ ලාවට වැදීගෙන වගේ තමයි ගියේ. ලොරිය වැදුන්නෑ එයාගේ ඇඟේ. ඒත් එයා බිම වැටුනා ඒ වෙලාවේ. එතන හිටපු පොලිස් නිලධාරියෙක් තමයි එහෙම වැටුනේ. මන් එහෙන්ම හෑන්ඩ් බ්රේක් එක ඇදලා නවත්ත ගත්තා වාහනේ. වාහනේ නවත්තලා වාහනෙන් මන් බහින්න කලින් පොලිස් නිලධාරියෙක් ආවා. එයාම දොර ඇරලා කෙලින්ම මාව එලියට ඇදලා අරන් ඊට පස්සේ මට ගහන්න පටන් ගත්තා. කිසිම දෙයක් මට කිවුවේත් නෑ මගෙන් ඇහුවෙත් නෑ. කෙලින්ම එලියට අරන් ගහන්න පටන් ගත්තා. මෙයාට වෙච්ච සිද්දිය කියන්න කලින් මට ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ එතන හිටපු තව එක්කෙනෙක් කව්ද කියලවත් දන්නෑ එයා. එයත් ඇවිල්ලා ගැහුවා මට ෂොට් දෙක තුනක්.

ඊට පස්සේ පොලිස් නිලදාරිය මගේ කකුලට එයාගේ කකුලෙන් ලොක් එකක් දාලා තමයි මාව බිමට පෙරලුවේ. ඊට පස්සේ මාව බිමට දාලා එයා උඩ පැනලා මගේ ඇඟ උඩට පැන්නා. තාම ඒක තමයි අමාරු පොඩ්ඩක්. පොලිසියෙන්ම මාව ඉස්පිලිතාලෙකෙට එක්කන් ගියා. ඒත් මාව මගේ අමාරු කිවුවට ලැබුවේ නෑ. මුත්‍රා එහෙම අරන් මන් බීලද කියලා චෙක් කරා විතරයි. ඉතින් මේ සිද්දියෙන් පස්සේ පොලිස්පති අජිත් රෝහණ මහත්තයා කිවුවා පොලීසියෙන් අහිංසක මිනිහෙකුට නිරපරාදේ ප්‍රහාරයක් එල්ලා කරනවානම් සිවිල් වැසියෙකුට අයිතියක් තියනවා තමන්ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ප්‍රති ප්‍රහාර එල්ලා කරන්න. ඉතින් ඒකත් දැන් තමයි දැන ගත්තේ. ඉතින් පොලිසියත් නීතිය තමන්ට තියන වපසරිය තුල ක්‍රියාත්මක කරනවානම් තමයි හොඳ. ඒ වගේ රියදුරන් විදහට ඕනෑම අයෙකු රිය පදවන විට කල්පනාකාරීව රිය පදවන්න කියලත් මතක් කරන්න කැමතියි. එම වීඩියෝව පහතින් නරඹන්න