counter hit xanga
March 26, 2023

එජාප නායකත්ව අර්බුදය යලිත්! ගැටුමට නවීන් සමග රුවන්!

Last Updated on February 6, 2023 by Desman Chathuranga

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම මගින් ආරම්භ කර ඇති ක්‍රියාදාමය කඩාකප්පල් කිරීමට රනිල්-රාජපක්ෂ දැවැන්ත ප්‍රයත්නයක් දරමින් සිටින අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඇල්ලිම සදහා යලිත් කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විසින් පත්කර ගත් ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය ඉතාම නුදුරු දිනකදි අවසන් වන බවත් ඒ සමගම පක්ෂයේ සහ රටේ නායකත්වයට වඩාත්ම සුදුස්සා වන්නේ නවීන් දිසානායක බවට මේ වනවිට මතයක් පක්ෂ අභ්‍යන්තරය තුල නිර්මාණය කර තිබේ.

ඒ සදහා එක්සත් ජාතික පක්ෂයේ අනාගතය යනුවෙන් මතවාද විමසීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේන අතර ඒ සදහා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ යොදවාගෙන තිබේ. සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ් වාස්, ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ, එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන අය මෙම වැඩසටහන මෙහෙයවමින් සිටි. මේ සදහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සහ පහසුකම් සපයනු ලබන්නේ හිටපු අමාත්‍ය රවී කරුණානායක බවද අනාවරණය වි තිබේ.

“නවීන් කන්ද උඩරට සිංහල බෞද්ධ නායකයෙකු බවත් ඔහු දෙවැනි වන්නේ රනිල් වික්‍රමසිංහ හට පමණක් බවද ඔහුන් සිය මතයේ දක්වා තිබේ.

ඒ අනුව මේ වනවිට සජිත්ගෙන පසු යලිත් ජනපදනමක් නොමැති එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය ආරම්භ වි තිබේන අතර ඊට අසන්නතම හේතුව වි ඇත්තේ රනිල්ගෙන් පසුව වැඩකට නැති එජාප පක්ෂය භාර ගැනිමට බලාසිටි රුවන් විජේවර්ධන හේතුවෙනි.2011 වසරේ සිටි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනුවෙන් රනිල් රුවන් සුදානම් කර තිබුනා.මේ වනවිට රනිල් වටේ සිටින කණ්ඩායම කොටස් දෙකකට බෙදී සිටින අතර නවීන්ට සහය දෙමින් ඔහු පිළිබඳව අදහස් පලකරන කණ්ඩායම් පිලිබදව රනිල්ගේ කණ්ඩායම අවධානයෙන් සිටින බවත් පසුගිය සතියේ ජනාධිපති කාර්යමණ්ඩලයේ තනතුරු වල වෙනසක් රහසේම සිදුකර තිබේන බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

2020 වසරෙ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස, රුවන් විජයවර්ධන පත්වු අතර ඒ රහස් ඡන්දයක ප්‍රතිපලයක් ලෙසිනි.පක්ෂ මූලස්ථානයේ දී පැවති රහස් ඡන්දයකදී රවී කරුණානායක සමඟ එම ධුරය සඳහා විජයවර්ධන තරග කළ අතර, ඡන්ද විමසීමේදී විජයවර්ධන ඡන්ද 28ක් ද රවී කරුණානායකට ඡන්ද 10ක් ද හිමිවී තිබිණි. පසුව මාධ්‍ය හමුවේ ඔහු සදහන් කර තිබුනේ “එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට තමන් සුදුසුකම් ඇති බවයි.”