counter hit xanga
October 26, 2021

INTERPOL කතාව ගැන වෙන කතාවක් කියයි!

Last Updated on June 9, 2021 by Panduka Herath

X-Press Pearl නෞකාව අන්තර් ජාතික පොලිසිය INTERPOL විසින් ඉන්දියන් සාගරයේ විෂ සහිත නෞකා දෙකක් යත්‍රා කරමින් තිබෙන බවට අනතුරු අඟවා තිබූ නෞකා වලින් එකක් බවට මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයක් කල රියාද් හි ප්‍රින්සස් නවුරා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මියගෙන් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්ණ කර තිබේ.

කෙසේවෙතත් ඇය රහස් පොලිසිය හමුවේ සදහන් කර ඇත්තේ “තමන් රජයෙන් ඉල්ලා සිටියේ පරීක්ෂණයක් සඳහා ඉන්ටර්පෝල් හි සහාය ලබා ගන්නා ලෙස ප්‍රකාශ කල බවයි” ඇය තමන්ගේ ප්‍රකාශයට අදාළ සාක්ෂි වශයෙන් ලියකියවිලි කිහිපයක්ද රහස් පොලිසියට භාර දී තිබේ.

එම නෞකාවේ මකරි හා තෙල් මිශ්‍රවූ ඉතාමත් විෂ සහිත බැරල් 15,000කට අධික ප්‍රමාණයක් ඇතැයි ද ලංකාවේ වෙරළ විනාශ කළ නෞකාව අදාළ නෞකාවට නොදෙවෙනි විෂ සහිත ද්‍රව්‍ය අඩංගුව තිබූ එකක් බවද මහාචාර්යවරිය සිය මාධ්‍ය හමුවේදි කියා සිටියා.

පසුගිය මැයි 31 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදි මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මිය කල ප්‍රකාශය …..

ඉන්දියන් සාගරය ඔස්සේ විෂ සහිත ද්‍රව්‍ය අඩංගු නෞකා දෙකක් ගමන් කරන බව අන්තර්ජාතික පොලිසිය ඉන්දියාව, පකිස්තානය සහ බංග්ලාදේශය දැනුවත් කර තිබූ බවත් ඒ බවට ශ‍්‍රී ලංකාව දැනුවත් කර නොතිබුණේ දැයි කියා වගකිවයුත්තන් ප‍්‍රකාශ කළයුතුයි.

මින් එක් නෞකාවක් පසුගියදා කොළඹ වරායට ඇතුළුවීමට පැමිණ ගිනිගත් එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව බවත් අනෙක් නෞකාව ඉන්දියාවේ වරායකට ඇතුළුවීමට පැමිණ එහි නම වෙනස්කර මේ වන විට පකිස්තානයේ කරච්චිහි වරායක් ආසන්නයේ නවතා තිබේනවා.

මෙම නැවෙහි රසදිය බැරල් 15,000 ක් සහිත තෙල් මිශ‍්‍ර වූ විෂ සහිත රසායන ද්‍රව්‍ය ඇති බවත් ගිනිගත් එක්ස්ප‍්‍රස් පර්ල් නැවෙහිද රසදිය තිබුණාද කියා නොදන්නා බැවින් ඒ ගැන සොයා බැලිය යුතුයි.

එබැවින් මෙම විෂ සහිත රසායන ද්‍රව්‍ය අඩංගු එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවට කොළඹ වරායට ඇතුළුවීමට අවසර දුන්නේ කෙසේදැයි කියා විමර්ශනයක්ද වහාම කළයුතුයි.