counter hit xanga
February 3, 2023

අවසානයේ ගෙදර ගියත් මග හිටියත් නසින්නේ රනිල්මය!

Last Updated on September 1, 2022 by Desman Chathuranga

අවිනිශ්චිතතාවයෙන් පිරුණු දේශපාලනයේ කිසිවක් සැලසුම් කළ පරිදි සිදු නොවන තරම්ය.ඊට හොදම උදාහරණය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එජාප නායක ජනාධිපති රනිල් සීතල යුද්ධයක පැටලීමය. ඒ අනුව බලාපොරොත්තු වූවාට වඩා කලින් ආණ්ඩුවේ ගැටලු මතුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

එජාපය තම නායක රනිල් ජනාධිපති ධූරයට පත්කිරීමෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිටින අතර තුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන බලය ලබාගෙන ඉදිරි මැතිවරණයට සූදානම් වීමට උත්සාහ දරමින් සිටියි. මේ කඹ ඇදිල්ල මෙසේ තිබියදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට ගෙනැවිත් අගමැති කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කරමින් සිටින බවද නොරහසකි.

ගෝඨාභය ආපහු එයිද?

ගෝඨාභය නැවත පැමිණීමක් සිදුවිය හැකි බවට පැතිර යන කටකතාවක් පමණක් නොවේ. එය අනිවාර්යයෙන් සිදුවන්නකි. ඒ සදහා අවශ්‍ය මාවත සකස් කිරිමට පොහොට්ටුව මේ වනවිටත් කටයුතු කරමින් සිටි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිවාදීන් නොසන්සුන් කිරීමත්, එජාපය දේශපාලනික වශයෙන් පාලනය කර ගැනීමත් ගෝඨාභය පැමිණීමේ ඉලක්කය බවට පත්ව තිබේ.

ජුලි මැදදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමට තුඩු දුන් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවල උච්චතම අවස්ථාවෙහිදී ජනාධිපති වික්‍රමසිංහ පිටුපස සැඟවී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැන් තම බලය තහවුරු කර ගනිමින් පාර්ලිමේන්තු බහුතරය ඒ සඳහා යොදා ගනිමින් සිටී.

පොහොට්ටුව පාලනය කිරිමට රනිල්ට හැකිද?

රනිල්ට පොහොට්ටුව පාලනය කිරිමට ඇත්තේ එක් අවස්ථාවක් පමණී.නමුත් එම අවස්ථාවද ගෝඨාභය බලය අත්හරින අවස්ථාවේ ඇතිකරගත් මිත්‍ර ගිවිසුමට අනුව ක්‍රියාත්මක කිරිමට තරම් රනිල් ශක්තිමත් නැත.මන්ද රනිල්ට ඇත්තේ රනිල් පමණක් නිසාය.

රනිල්ට ඇති එකම අවස්ථාව වන්නේ පවතින තත්ත්වය අනුව, 2023 මාර්තුවෙන් පසු ඔහු තෝරා ගන්නා මොහොතක ඔහුට වත්මන් පාර්ලිමේන්තුවේ වාරය අවසන් කළ හැකි විමය.නමුත් රනිල්ගේ පාර්ලිමේන්තු බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු බහුතරය එය රනිල්ට අමතක කිරිමටද බැරිය. ඒ නිසාම 19 වැනි සංශෝධනය යටතේ සිදු වූ පරිදි, ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හතරහමාරක් සම්පූර්ණ වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වැළැක්වීම සඳහා එය වෙනස් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍යව තිබේ.

රනිල් සහ පොහොට්ටුව අතර ගැටුමට ආසන්නතම හේතුව වි ඇත්තේ තමන්ට කැබිනට් මණ්ඩලයේ හෝ වෙනත් අමාත්‍ය ධුර ලබා දෙන ලෙස අමාත්‍ය ධුර දැරූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටිමයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට ඇමතිවරුන් පත් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත නම් ලැයිස්තුවක් යවා ඇති අතර එය ප්‍රතික්ෂේප කිරීමට ඔහුට හැකියාවක් නොමැති බව වාර්තා වේ. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධ වුවහොත් ඔහුට පාර්ලිමේන්තු සහාය අහිමි වනු ඇති.කුඩා කැබිනට් මණ්ඩලයක් අවශ්‍ය වන අතර එය නඩත්තු කිරීමේ පිරිවැය අවම මට්ටමකට අඩු කිරිම ජනතා පැතුම වි තිබේ.තත්ත්වය එසේ තිබියදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන ආකාරයට කටයුතු කිරීමට සිදුවුවහොත් ජනාධිපතිවරයාට දේශපාලන අගාධයෙන් ගොඩ ඒමට තියා සිතා ගන්නටවත් නොහැකි වනු ඇත.

ජනතාව යලිත් විදී බසි!

මේ තත්ත්වය මත රටේ ජනතාව යලිත් විදී බසිනු ඇත. ගොල්ෆෙස් පිට්ටනියට වි රනිල් බලයට ගෙන්නට දත කෑ පිරිසද අමාරුවේ වැටි තිබේ.මන්ද යලිත් පොහොට්ටුවේ මජර දේශපාලකයන් ඇමතිධුර වලින් පිදුම් ලැබු විට ඔහුන්ට ගෝල්ෆෙස් පිට්ටනියට යන්න වන්නේ කලිසම ගෙදර තියා බැවිනි.

අරගලයට ප්‍රතිචාර වශයෙන් දේශපාලනයේ වෙනසක් ඇති කිරීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කිරිමට උත්සහයක් ගන්නා පාටක්ද නැත. ඔහු එ අකාරයේ ප්‍රවේශයක් ගැනිමට සමත් වුයේ නම් අද ත්‍රස්තවාදී පනත ක්‍රියාත්මක වන්නට බැරිය.ආර්ථිකය නඟා සිටුවීමට, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය නැති කිරීමට සහ මහජනතාවට සහන ලබා දීමට සමතලා කරන අතරේ රනිල් එපා වී සිටින රටේ තරුණ පරපුර දිනා ගැනීමට කිසිසේත්ම නොහැකි වනු ඇත. ඒ අනුව අවසානයේ ගෙදර ගියත් මග හිටියත් නසින්නේ රනිල්මය.

…..දේශපාලන වාර්තාකරු ….