counter hit xanga
December 1, 2022

පුහුණුව නොමැති හෙද නිළධාරීන් KDU රෝහලේ!

ශ්‍රී ලංකා ජාතික රෝහලෙන් පිටත්කර හැරි 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් රෝහල තුළ සපයා නොතිබීම හේතුවෙන් ආපසු පැමිණ ඇත.

Last Updated on June 20, 2021 by Panduka Herath

දැඩිසත්කාර පුහුණුව නොමැති හෙද නිළධාරීන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලේ දැඩිසත්කාර ඒකකවලට යෙදවීමෙන් රෝගී ජීවිත අනතුරේ හෙළා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් All Ceylon Nurses Union හෙවත් සමස්ත ලංකා හෙද සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

මේවන විට වැඩිවෙමින් පවතින #COVID නිවුමෝනියා තත්වයට ගොදුරු වන රෝගීන්ට දැඩිසත්කාර ඇදන් අවශ්‍ය වෙම්න් තිබේන බවත් ඒ වෙනුවෙන් ආරම්භ කළ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ ඇදන් 38කින් සමන්විත දැඩිසත්කාර ඒකක 03 සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය කරනු ලබන නමුත් එම දැඩිසත්කාර ඒකක වල සේවය සඳහා දැඩිසත්කාර පුහුණුව ලත් හෙද නිළධාරීන් යෙදවීමට සෞඛ්‍ය බලධාරීන් අසමත්ව ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ජීවිතයත් මරණයත් අතර සටනක සිටින අසරණ රෝගීන්ට අවශ්‍ය නිසි ඖෂධ ප්‍රතිකාරයත් හෙද සාත්තුවත් ලබාදිය හැක්කේ එවැනි රෝගීන් පිළිබඳව මනා දැණුමක් හා අත්දැකීමක් සහිත පළපුරුදු හෙද නිළධාරියකුට පමණි. එම දැණුම තුන් අවුරුදු හෙද පුහුණුව පමණක් ලත් හෙද නිළධාරියකුට ලබා දිය නොහැකි බවද එම නිවේදනයේ දක්වා තිබේ.

ඒ අනුව මූලික හෙද පුහුණුව හැරුණුවිට වෙනත් කිසිඳු විශේෂිත පුහුණුවක් නොමැති ජාතික අක්ෂි රෝහලේ හෙද නිළධාරීන් 04 දෙනෙකු හා දන්තායතනයේ හෙද නිළධාරීන් 04 දෙනෙකු 2021.06.18 දින බලහත්කාරී ලෙස KDU දැඩිසත්කාර ඒකක වෙත යවා ඇත. ශ්‍රී ලංකා ජාතික රෝහලෙන් පිටත්කර හැරි 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් රෝහල තුළ සපයා නොතිබීම හේතුවෙන් ආපසු පැමිණ ඇත.

මෙම තත්වය #COVID දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ට මෙන්ම, සෞඛ්‍ය ලේකම්ගේ නියෝගයන්ට අවනතව KDU දැඩිසත්කාර ඒකකවෙත ගොස් සිටින එම හෙද නිළධාරීන්ට ඉතා අවාසනාවන්ත ප්‍රථිඵල ඇති කළ හැක. එබැවින් වහාම දැඩිසත්කාර පුහුණුව ලත් හෙද නිළධාරීන් මෙම දැඩිසත්කාර ඒකකවලට අනුයුක්ත කළ යුතුව තිබේ. එසේ නොමැතිනම් මෙම දැඩිසත්කාර ඇදන් 38ක ප්‍රමාණය දිවයිනේ අනෙකුත් දැඩිසත්කාර ඒකක තුළට ගත යුතු බවද ACNU පෙන්වා දෙනවා.