counter hit xanga
January 28, 2023

විමල්ගේ ගෙදර හදිසි සාකච්ඡාවක්!

Last Updated on June 14, 2021 by Desman Chathuranga

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුලු ආණ්ඩුවට සහය දක්වන පක්ෂ කිහිපයක නායකයන් පිරිසක් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේ අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක යෙදි තිබේන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ,වාසුදේව නානායක්කාර,ටිරාන් අලස්,වෛද්‍ය ජී වීරසිංහ,අතුරලියේ රතන හිමි ඇතුලු පිරිසක් සහභාගි වි සිටි බවයි එම දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාට චෝදනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා නිකුත් කර ඇති නිවේදනය ගැන ද එහිදී පක්ෂ නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

තෙල් මිල වැඩි කිරීමට ගත් තීරණය ගම්මන්පිල මහතාගේ තීරණයක් නොව පොදුවේ ආණ්ඩුව ගත් තීරණයක් බැවින්,ගම්මන්පිල මහතා වෙනුවෙන් දිගටම පෙනී සිටීමට එහිදී සාකච්ඡාවට සහභාගි සියලුම දෙනා එකඟ වු බවද එම ආරංචි මාර්ග සදහන් කළා.

එම සාකච්ඡාව අතරතුර අග්‍රාමාත්‍යවරයා සමගද දුරකතනය ඔස්සේ සාකච්ඡා සිදුකල බවද වාර්තා වේ.