Last Updated on May 13, 2021 by Desman Chathuranga
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදනකු වූ ඌරු ජුවා සහ කොස්ගොඩ තාරක ඝාතනය කිරීම දැඩිලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලීය පිරිස් සහ ලේකම් නීතීඥ රජීවී අමරසූරිය යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කල නිවේදනයේ දක්වා ඇත්තේ දිගින් දිගටම පොළිස් අත්තඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය වීම නීතියේ ආධිපත්‍යයට බරපතල තර්ජනයක් බවයි.
මෙම සිදුවීම් පිළිබඳව අවධානය යොමුකර එවැනි සිදුවීම් වළක්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි.


More Stories
රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!
මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර