counter hit xanga
October 22, 2021

චීන විරෝධී ගෝලීය මාධ්‍ය මෙහෙයුමට ඇමරිකාව $ මිලියන 300ක් වෙන් කරයි!

Last Updated on May 4, 2021 by Panduka Herath

චීන හා රුසියානු අරමුදල් සපයන මාධ්‍ය ආයතන සපයන්නේ ‘වැරදි තොරතුරු’ ය, නමුත් වොෂින්ටනය ඩොලර් මිලියන ගණනක් ‘ස්වාධීන’ පුවත් සඳහා වියදම් කරන විට සහ ඔවුන්ගේ ප‍්‍රතිපත්ති පිළිබඳ වාසිදායක ආවරණයක් ලබා ගැනීම සඳහා මාධ්‍යවේදීන් මිල දී ගන්නා විට, එය ‘තොරතුරු ව්‍යාප්ත කිරීම’ ලෙස හැඳින්වේ. එක්සත් ජනපද සෙනෙට් සභාව පසුගිය සතියේ ‘උපායමාර්ගික තරගකාරීත්වය සඳහා පනත 2021’ නමින් චීන විරෝධී පනතක් සම්මත කළේය.

‘සීමාරහිත පෙරමුණු පනත’ නමින් ඔවුන් තවත් පනතක් ද සම්මත කළේය. මෙම පනත් දෙකෙහිම අරමුණ වන්නේ ලෝකය පුරා ඇමෙරිකා ආධිපත්‍ය පවත්වාගෙන යාමයි. පිටු 270කට අධික ලේඛනයේ මිලිටරි ක්ෂේත‍්‍රය ඇතුළුව චීනයට එරෙහි ඇමරිකාවේ ‘භූ දේශපාලනික තරගය’ විධිමත් කිරීම පිළිබඳ නිර්දේශ සහ විධිවිධාන රාශියක් අඩංගු වේ. මිලිටරි, තානාපති සබඳතා, තාක්‍ෂණය, වෙළඳාම සහ තවත් දේ උපායමාර්ගික තරගකාරීත්ව පනතට ඇතුළත්‍ය. වොෂිංටනයේ චීන විරෝධයේ ද්වි පාර්ශවීය එකගතාවය සැලකූ විට පහසුවෙන් එම පනත නීතියක් ලෙස සම්මත වනු ඇත.

මෙම පනත මගින් චීනයට එරෙහි මාධ්‍ය කේන්ද්‍රීය පියවරයන් සඳහා ඩොලර් මිලියන සිය ගණනක් වෙන්කොට ඇත. ඩොලර් ට්‍රිලියන 1කට අධික චීන ආයෝජනයක් වූ නව සේද මාවත් ව්‍යාපෘතියේ ‘සaණාත්මක බලපෑම’, ‘චීන විරෝධී බලපෑම්’ වැඩසටහන්, ‘මාධ්‍යවේදීන් චීනයට එරෙහිව පුහුණු කිරීමේ’ යෝජනා ක‍්‍රම ආදියට ඩොලර් මිලියන 300ක් දක්වා යෙදවීමට යෝජනා කොට ඇත. තවත් ඩොලර් මිලියන ගණනක් නිදහස් ආසියා ගුවන්විදුලිය මගින් මැන්ඩරින්, කැන්ටනිස්, ටිබෙට් සහ උයිගර් යන භාෂාවලින් ආවරණය පුළුල් කිරීම සඳහා වෙන්කර ඇත. කෙටියෙන් කිවහොත්, එය දැවැන්ත ප‍්‍රචාරක ව්‍යාපෘතියකි.

‘චීන / රුසියානු ප‍්‍රචාර’, ‘සාවද්‍ය තොරතුරු’ යනාදිය ගැන අප නිතරම අසා ඇති අතර, ඉලක්කගත රටවල දේශපාලනය සහ ආණ්ඩු වෙනස් කිරීමේ අරමුණින්, බටහිර ක‍්‍රියාශීලීව හා විවෘතව මනෝවිද්‍යාත්මක යුද්ධයක නිරන්තරව ක‍්‍රියාත්මක වන්නේ කෙසේද යන්න වාර්තා වන්නේ කලාතුරකිනි. එක්සත් ජනපදයේ නව පනතේ පැහැදිලිව සඳහන් වන්නේ චීනයේ විවිධ ප‍්‍රදේශ අස්ථාවර කිරීමට, නොසන්සුන්තාව ප‍්‍රවර්ධනය කිරීමට සහ ‘බෝල්කනීකරණය’ හෙවත් කුඩා රාජ්‍ය කිහිපයකට වෙන්කිරීම කිරීම උත්සාහ කිරීමේ වැඩපිළිවෙළයි. ඇත්ත වශයෙන්ම මෙය අලූත් දෙයක් නොවේ, ඇමරිකාව සැමවිටම කර ඇත්තේ එයයි. බටහිර දේශපාලන චින්තනය ගොඩනගා ඇත්තේ, ‘දේශපාලන සත්‍යය’ ලෙස සංකල්පනය කර ඇති දේ කෙරෙහි තමන්ට ඒකාධිකාරයක් ඇති බවට උපකල්පනය කිරීම මතය. එම ‘ඒකාධිකාරය’ උපයෝගී කර ගනිමින්, එම ‘සත්‍යය’ අන් අයට පැටවීමට දිව්‍ය වරමක් ඔවුන්ට ඇතැයි ඔවුහු සිතති.

බටහිර පෙනී සිටින සෑම දෙයක්ම සෑම විටම ආත්මාර්ථකාමිත්වයට වඩා යහපත් විශ්වාසයකින් සිදුවන බවත්, ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයට විරුද්ධ වන සෑම කෙනෙක්ම සෑම විටම පෙලඹෙන්නේ නරක හා නපුරු අරමුණු සඳහා බවත් බටහිරවාදීහු පෙන්වා දෙති. මෙය බටහිර පුවත්පත් කලාවේ මානසිකත්වය අවධාරණය කරන අතර, එය ‘සත්‍යයේ’ එකම අපක්ෂපාතී ප‍්‍රභවය වන අතර එය ප‍්‍රශ්න කරන සෑම කෙනෙකුම ‘ප‍්‍රචාරය’ වෙනුවෙන් පෙනී සිටී. මෙය සාමාන්‍යයෙන් ‘සතුරු රාජ්‍යයන්’ සමග චිත්තවේගීව අනුනාද වන යෙදුමකි. එක්සත් ජනපදයට එවැනි මනෝවිද්‍යාත්මක යුද්ධ පිළිබඳ දීර්ග ඉතිහාසයක් ඇත.වඩාත් ප‍්‍රචලිත සිද්ධියක් වන්නේ ඔපරේෂන් මොකින්බර්ඞ් Operation Mockingbird නමින් හැඳින්වූ වැඩසටනයි.

එහිදී CIA සංවිධානය දේශීය හා විදේශීය ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලට රහසිගතව ඇතුළු වී එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්ති අවශ්‍යතා සඳහා මාධ්‍යවේදීන් සමග සහයෝගයෙන් කටයුතු කළේය. පුලිට්සර් ත්‍යාගලාභීන් ද ඇතුළුව බොහෝ මාධ්‍යවේදීන් සීඅයිඒ හි වැටුප් ලේඛනයට ඇතුළුවී, ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ව්‍යාජ ප‍්‍රවෘත්ති ලියූ අතර, ඒ සඳහා අවශ්‍යවූ ව්‍යාජ තොරතුරු සීඅයිඒ සාමාජිකයින් විසින් ලබා දෙන ලදී. මෙය සීතල යුද්ධය සමයේ ක‍්‍රියාත්මක වූ නමුත් වැඩසටහන කිසි විටෙක නිල වශයෙන් අත්හිටුවා නොමැති අතර චීනය සමග නව සීතල යුද්ධයක් ආරම්භ වී ඇති තත්වය තුළ එය අද නතර වන්නේ ඇයි? උපායමාර්ගික තර`ග පනත් කෙටුම්පත පැහැදිලිව පෙන්නුම් කරන්නේ ‘ගෝලීය කතිකාව’ කෙරෙහි තම අභිමතාර්ථයන්ට අනුකූලව ආධිපත්‍යය දැරීමට වොෂින්ටනය මූලික වැදගත්කමක් ලබා දෙන බවයි.

ජනමාධ්‍යවේදීන් සමග කරගෙන යන වැඩපිළිවෙළට අමතරව, ආරක්ෂක කර්මාන්තය මගින් අරමුදල් සපයන බුද්ධි මණ්ඩල හමුදාවක් ඇමරිකාව සතුව ඇත. ඔවුන් වොෂිංටනයේ විදේශ ප‍්‍රතිපත්ති අරමුණු ‘නීත්‍යානුකූල’ කිරීම සහ ‘අලෙවිකරණය’ කිරීම සඳහා පර්යේෂණ හා සමීක්ෂණ නිර්මාණය කොට හිතකර ආවරණයන් සඳහා පුවත්පත් සමග සම්බන්ධීකරණය කරයි. ඔවුනට වාසි සහගත අදහස් සහ සංකල්ප පෝෂණය කිරීමට ඔවුන්ට හැකියාව ඇති අතර, ‘වෘක රණකාමී තානපති සේවය’, ‘ආර්ථික බලහත්කාරය’, ‘ඉන්දු-පැසිෆික්’ වැනි ‘වචන’ නිර්මාණය කරති.

පනතේ අරමුණ පැහැදිළිව සඳහන් කොට ඇත. සින්ජියැන්ග්, ටිබෙට්, හොංකොං සහ චීනය තුළ පවා නොසන්සුන්තාව සහ ප‍්‍රතිරෝධය ප‍්‍රවර්ධනය කිරීම සඳහා නිදහස් ආසියා රේඩියෝව උපයෝගී කර ගනු ඇත. එහෙත්, එවැනි ක‍්‍රියාවක් ‘බටහිර’ දෙසට සිදු වුවහොත් එය අනිසි විදේශීය මැදිහත්වීමක් ලෙස සලකනු ලැබේ. එහෙත් වඩාත් බලවත් කාරණය නම්, නව සේද මාවත් ව්‍යාපෘතිය සම්බන්ධව හිතාමතාම ‘නිෂේධාත්මක’ තොරතුරු පතුරුවා චීනයට එරෙහිව, රටවල් සිය ගණනක පුරවැසියන්ගේ දේශපාලනය සහ මනස හැසිරවීමට එක්සත් ජනපදයට තිබෙන අවශ්‍යතාවය පනතේ සඳහන් කොට තිබීමයි.

මෙයින් අදහස් කරන්නේ ඇමරිකානු ප‍්‍රචාරක ප‍්‍රයත්නය ලතින් ඇමරිකාව, ගිනිකොණ සහ මධ්‍යම ආසියාව මෙන්ම අප‍්‍රිකාව ද ව්‍යාප්ත කරනු ඇති බවයි. එහෙත් බටහිර බොහෝ දෙනෙක් මෙම හැසිරීම සාමාන්‍ය දෙයක් ලෙසින් පිළිගැනීමට සතුටු වෙති. මක්නිසාද යත් බටහිර ‘සත්‍යයේ’ සහ ‘ප‍්‍රබුද්ධත්වයේ’ ප‍්‍රභවය වන බැවින් බටහිර නොවන පසුගාමී පිරිස් ‘බේරා ගැනීමේ’ වගකීම තමන්ට ඇතැයි සිතන බැවිනි. භූ දේශපාලනික උවමනාවන් මත පදනම්ව ඇමරිකානු නායකත්වයෙන් සංවිධානාත්මකව වැරදි තොරතුරු ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුය. දෛනික ‘ඍණාත්මක ආවරණ’ ප‍්‍රහාරයට මුහුණ දෙන අතරේ, චීනය ඇමරිකා එක්සත් ජනපදයේ මෙම උත්සාහයට එරෙහිව සටන් කිරීමට සූදානම් විය යුතු අතර, තමන්ගේ මාධ්‍යවල කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය තවදුරටත් වැඩි දියුණු කළ යුතුව ඇත.