counter hit xanga
June 27, 2022

Rossගේ යෝජනාවට එරෙහිව ක්ෂණික මැදිහත්වීමක් ඉල්ලයි!

Last Updated on June 10, 2021 by Panduka Herath

ශ්‍රි ලංකාවට එරෙහිව Deborah Ross ඇමරිකානු කොංග්‍රසයයට ඉදිරිපත් කර තිබේන යෝජනාව ඉවත් කිරිමට වහාම මැදිහත් වන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ Martin T. Kelly (මාටින් ටී. කෙලීගෙන්) ඉල්ලිමක් කර තිබේ.

මාටින් ටී. කෙලී මහතා ඊයේ (08) දා විදේශ අමාත්‍යංශයේදි හමුවු අවස්ථාවේ අමාත්‍යවරයා මේම ඉල්ලිම කර තිබේ.එහිදි අමාත්‍යවරයා COVAX වැඩසටහන හරහා COVID-19 එන්නත් ලබා ගන්නා රටවලින් එකක් ශ්‍රී ලංකාව බවට එක්සත් ජනපද ජනාධිපති මෑතකදී කළ නිවේදනය සම්බන්ධයෙන් විශේෂයෙන් අගය කිරිමට කටයුතු කර තිබේ.

මිට අමතරව 2021 ජුනි 04 වන දින පැමිණි USAID හදිසි වෛද්‍ය සැපයුම් තොගය සහ එම්වී එක්ස්-ප්‍රෙස් පර්ල් ව්‍යසනය හේතුවෙන් ඇති වන පාරිසරික බලපෑම් අවම කිරීම සඳහා එක්සත් ජනපදයේ තාක්ෂණික සහාය ලබා දීම පිළිබඳවද ස්තූතිය පලකර ඇත.

2021 මැයි 18 වන දින කොංග්‍රස් සභික ඩෙබොරා රොස් විසින් ඉදිරිපත් කරන ලද යෝජිත අංක H.Res.413 යෝජනාව සම්බන්ධයෙන් රජයේ ගැඹුරු කනස්සල්ල දැක්වු අමාත්‍යවරයා එම යෝජනාව ප්‍රයෝජනවත් නොවන බවද පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන්. ඉහත යෝජනාවට අදාළ කරුණු සහ රජයේ ස්ථාවරය සභාපතිවරයාට සහ සභා විදේශ කටයුතු කමිටුවේ සාමාජිකයින්ට සහ අදාළ කොංග්‍රස් සභිකයින්ට ඉල්ලා අස්කර ගැනීම සඳහා හෝ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ක්ෂණික මැදිහත්වීම ඉල්ලා සිටියේය.