Last Updated on June 12, 2021 by Desman Chathuranga
සියලුම නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සඳහා ජූලි මස මුල් සතියේ පළමු එන්නත් මාත්‍රාව ලබාදෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
තිස් වැනි සංවත්සරය සමරන කොග්ගල නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලාවන්හි ආයෝජකයන් සහ එහි කළමණාකරුවන් සමඟ එම වෙළඳ කලාප පරිශ්‍රයේ පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.එය නිෂ්පාදන හා අපනයන කර්මාන්තය වෙත හිමි වූ සුවිශේෂ වරප්‍රසාදයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
අමාත්‍යවරයා මෙම හමුවට සමගාමීව කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වු අතර ආයෝජකයින් සමඟ පැවති සාකච්ඡාවේ දී නිෂ්පාදන හා අපනයන කර්මාන්තයේ දී ඔවුන් මුහුණ දෙන ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ
පසුගිය දිනක සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවක දී වෙළඳ කලාපවල සේවක සේවිකාවන්ට එන්නත ලබාදීමේ අවශ්‍යතාව පැහැදිලි කිරීමෙන් අනතුරුව ලංකාවේ සියලුම වෙළඳ කලාප වෙත එන්නත් ලබාදීමට අවශ්‍ය අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව කොග්ගල නිදහස් වෙළද කලාපය ඇතුලුව සෑම ආයෝජන කලාපයකටම ජූලි මස පළමු සතියේ සිට කොවිඩ් – 19 සඳහා වූ පළමු ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රාව ලබාදීමේ කටයුතු ආරම්භ වනවා.


More Stories
ඔනෑම මැතිවරණයකදි මාලිමාව 50% පන්නනවා!
Do Not go down the path to Suppression of Media freedoms!
රනිල්ගේ මෝඩභීමානී විශේෂ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු යන මහා හොරු!