Last Updated on May 12, 2021 by Desman Chathuranga
2015 සිට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා ඖෂධ නීතිගත සංස්ථාවේ දූශිත නිලධාරීන් එකතු වි සිදුකර තිබේන දැවැන්ත වංචාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා කල පැමිණිල්ලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ගෙන තිබේ. කැදවිමකට අනුව ඊයේ (11) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගිය මන්ත්‍රීවරයා එම ප්‍රකාශය ලබා දිමට කටයුතු කර තිබේ.
මන්ත්‍රීවරයා අදාල පැමිණිල්ල කර තිබුනේ අප්‍රියෙල් 6 වැනිදා වන අතර එම පැමිණිල්ල මගින් සදහන් කර තිබුනේ 2015 ජනවාරි මාසයේ සිට 2019 වසර අවසාන වන තෙක් ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට රෝහල්වලට බෙහෙත් මිලදි ගැනිම් සම්බන්ධයෙන් දැවැන්ත අක්‍රමිකතා වංචාවක් සිදුව ඇති බවත් එම කාලය තුල රජයේ රෝහල්වලට සෞඛ්‍ය උපකරණ,ඒන්නත් මිලදි ගැනිම්වලදි දැඩි අක්‍රමිකතාවයක් දුෂණයක් සිදුව ඇති බවයි.
2015 සිට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා ඖෂධ නීතිගත සංස්ථාවේ දූශිත නිලධාරීන් එකතු වී රුපියල් 300 ට තිබෙන එන්නතක් රුපියල් 20000 වැනි මුදලකට රජයේ රෝහල් වෙනුවෙන් මිලදී ගෙන ඇති බවත් එම කොල්ලය සදහා එවකට සිටි දුෂිත අධ්‍යක්ෂකවරුන්,ඖෂධවේදින් මෙන්ම නිළධාරින්ද සහය දි තිබේන බවයි මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල හරහා පෙන්වා දි ඇත්තේ.
අදාළ මහා පරිමාණ මුල්‍ය කොල්ලය වෙනුවෙන් එවකට ටෙන්ඩර් මණ්ඩලවල හා තාක්ෂණ ඇගයීම් කමිටුවල කීපදෙනෙක් ද එක්ව කටයුතු කර ඇති අතර ඔහුන් සියලුම දෙනා එක්ව සිය දැනුම වෘතීමයභාවය හා පලපුරුද්ද උපයෝගීකර ගැනිමට කටයුතු කර තිබේ.
සාමාන්‍ය වෙළද පොලේ හා ලෝක වෙළද පොලේ තිබෙන මිලට වඩා 100 ගුණයක් වැඩියෙන් මෙම බෙහෙත් රජය වෙනුවෙන් මිලට ගැනීමට මෙම කණ්ඩායම කටයුතු කර ඇති බවත් අදාළ තොරතුරු හා ලේඛන පරීක්ෂා කිරීමේදී ඒ බව තහවුරු වී ඇති බවද මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මගින් පෙන්වා දි තිබේ. අදාළ ලේඛන සහ තොරතුරු සියල්ලද මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදිමට කටයුතු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කල පැමිණිල්ල


https://buystromectolon.com/ – stromectol amazon