Last Updated on May 4, 2021 by Panduka Herath
1966 න් පසුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පත් වූ අවාසනාවන්තම පරිච්ඡේදය මේ යැයි කනගාටුවෙන් හා අකැමැත්තෙන් වුව ද ප්‍රකාශ කිරීමට සිදු වී තිබෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසයි.ඊයේ (3) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ සදහන් කළේ සෑම දෙනාගේ ම සුව සෙත පිණිස විධිමත් ක්‍රමවේදයක් සකස් ගැනිමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාවත් විසාලා මහනුවරක් වන බවට කිසි ම සැකයක් නැති බවයි.
“ඕනෑ ම රාජ්‍ය සේවකයෙකුට අවුරුදු හතරක් පහක් යනවිට මාරුවීමක් ගන්නට පුළුවන් වුවද අවුරුදු 10, 12 වැඩ කරන අය අද රෝහල්වල සිටිනවා. කොතැනකවත් නොමැති නීති රීති මාලාවක් දමාගෙන අද හෙද කාර්ය මණ්ඩලය වහලුන් බවට පත් කරගෙන කටයුතු කරනවා. හෙද කාර්ය මණ්ඩලය එක දවසක් හෝ එළියට බැස්සොත් රටට කොරෝනා දරුණු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මහජනතාව ගැන කල්පනාකර කොපමණ අපහසුතා හා දුර්වලතාවයන් තිබුණත් ඒවා යටපත් කරගෙන සේවය ලබාදී තිබෙනවා.”
“උපකරණ, ඇඳන්, කාමර, දැඩි සත්කාර ඒකක සොයන්නේ කොරෝනා රෝගය උත්සන්න වූ පසුවයි. මේ ගැන අපි කල් ඇතිව පවසා තිබුණා. මේ පුහුණුව පෙර සිට ම ලබා දෙන ලෙස අපි පවසා තිබුණා. දැන් හය මාසයක පුහුණුවක් ලබා දෙන්න බැහැ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෑමදා ම කළේ පැලැස්තර දැමීමයි. සෑම අඩුපාඩුවක් ම අපි කලින් ම පෙන්වා දුන්නා. අද සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන්නේ අදූරදර්ශී ක්‍රියාමාර්ගයක්. වැඩ කළ හැකි, තීන්දු ගත හැකි සියලු දෙනා එහාට මෙහාට මාරු කර වගකීමක් නැතිව කටයුතු කර තිබෙනවා. මේ දේවල් නිසා අද රෝහල් සේවය තුළ බොහො ම භයානක තත්ත්වයක් ඇති වී තිබෙනවා. දැන්වත් ටිකක් දුර බලන්න යැයි අපි සෞඛ්‍ය අමාත්‍යතුමියට කියනවා. සාකච්ඡා කරන දේවල් නොවෙයි ක්‍රියාත්මක වෙන්නේ.”
එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ හෙද සේවාව මුහුණ දි සිටින තත්ත්වයන් ගැනද අදහස් දැක්වු අතර තමන්ට ලැබෙන වරප්‍රසාද, වරදාන නැති වේවි යැයි සිතා කිසිවෙක් මේවා පෙන්වාදෙන්නේ නැති බවද උන්වහන්සේ කියා සිටියා.
ලංකාවෙ පැරණිතම හෙද සංගමයේ සභාපතිවරයා ලෙස සෞඛ්‍ය සේවාව රටේ අත්‍යවශ්‍යම සේවය බවට පත්ව ඇති අවස්ථාවක හෙද සේවාව සහ සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් කටයුතු කරන කණ්ඩායම් ඉලක්ක කර විවිධ ප්‍රකාශයන් නිකුත් කිරිම මොනතරම් සදාචාරත්මකද යන්න උන්වහන්සේම සිතා බලන්නේ නම් මැනවි.
මේ අතර ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සදහන් කර ඇත්තේ ඉන්දියාව මුහුණපා ඇති බරපතළ ම ගැටලුව ඔක්සිජන් හිඟකම බවත් ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් රටතුල නිෂ්පාදනය වෙනවාද දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවයි.
ඉන්දියාව ගොදුරු වී තිබෙන තත්ත්වය අතිශයින් ම කනගාටුදායක බවත් එම තත්ත්වය ධර්ම සාහිත්‍යයේ දැක්වෙන විශාලා මහනුවර තුන් බිය සිහිගන්වන්නක් බවද උන්වහන්සේ අවධාරණය කර තිබේ.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ රට ගැන අවධාණයෙන් සිටිම ඉතාම වැදගත් වනු නිසැකය.ඒ වෙනුවෙන් කලයුතුව ඇත්තෙ එක් අතකින් මේ වසංගතයට මුහුණ දි සිය උපරිමයෙන් කටයුතු කරන කණ්ඩායම් සදහා වචනයකින් හෝ සහය විමය.අනිත් අතට වසංගතය අවසන් කිරිම සදහා සිය උපරිමයෙන් කටයුතු කරන රජයට සහය දිමය. ඔය දෙකම බැරිනම් නිහඩව සිටිමය.
https://buystromectolon.com/ – ivermectin 3mg tab
levitra acidez
priligy otc
hydroxychloroquine purchase online
Shipped Ups Secure Ordering Provera 2.5mg Cash On Delivery Long Beach
[url=http://cheapdrugs.store/#]erectile dysfunction treatment[/url]
generic ed drugs buy erection pills best ed drug
overseas pharmacies online buy prescriptions from india pharmacy india pharmacies online
online purchase of tadalafil in india cialis from india best price for daily cialis