Last Updated on May 18, 2021 by Desman Chathuranga
තිස් වසරකට වැඩි කාලයක් මුළුල්ලේ සාමාන්‍ය ජන ජීවිතය භීතියට පත් කරමින් රටේ සංවර්ධන ක්‍රියාවලියට බාධාවක් වූ කුරිරු ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය නිම කිරීමට, ශ්‍රී ලංකා ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමින් අදින් වසර 12 කට පෙර අපේ රණවිරුවන්ට හැකිවු බව සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.
යුද්ධයේ මුල් දින සිට අවසානය දක්වා තම ජීවිත පූජාකළ සහ නන් අයුරින් තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයින් ඉතා ගෞරවයෙන් සිහිපත් කරන බවත් ඔවුන් සියලු දෙනා ශ්‍රී ලාංකේය හදවත් තුළ සදා අමරණීය වනු ඇති බවද එහි සදහන් වේ.
යුද්ධයේදී දිවි පූජා කළ හා තුවාල ලැබූ රණවිරුවන් සිහි කිරීමේ රණවිරු සැමරුම් දිනය හෙට (19) ට යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් සංවිධානය කරන සැමරුම් උත්සවයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අසල දී හෙට පැවැත්වීමට නියමිතය.
මේ අතර අදට (18) යෙදී ඇති මානුෂීය මෙහෙයුමේ 12වන ජයග්‍රහණ සැමරුම වෙනුවෙන් යුද හමුදාවේ නිලධාරීන් 425 දෙනෙකුට සහ සෙසු නිලයන් 4,289 දෙනෙකුට උසස්වීම් හිමිව තිබේ.ඒ අනුව අදාළ නිලධාරීන් සිය ඊළඟ නිලයන් සඳහා උසස්වීම් ලබන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) පස්වරුවේ සීදුව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක යුද හමුදාව විසින් ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය නිරීක්ෂණයට එක්වුනා.

වාට්ටු 03කින් සමන්විත අතර එහි රෝගීන් 1,200කට එක්වර ප්‍රතිකාර ලැබීමේ පහසුකම් ඇති එම මධ්‍යස්ථානය බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ලබාදුන් ගොඩනැඟිල්ලක ඉදිකර තිබේ.ප්‍රායෝගිකව නිවෙස්වල තබා ප්‍රතිකාර දිය නොහැකි, එහෙත් බරපතල රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාධිතයන්ට මෙහිදී ප්‍රතිකාර ලබාදීමට නියමිතය.
යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව දින 10ක් වැනි කෙටි කාලයකදී මෙහි ඉදිකිරීම් නිම කිරීම විශේෂත්වයක් වන අතර රණවිරු ඇපරල් කර්මාන්තශාලාවේ ආබාධිත රණවිරුවන් පැය 24ක් වැනි කෙටි කාලයකදී ඊට අවශ්‍ය ඇඳ ඇතිරිලි කට්ටල 2000ක් මසා නිම කර තිබේ.

[url=http://cheapdrugs.store/#]best pill for ed[/url]
propecia hair cost of finasteride buy propecia 5mg