Last Updated on May 5, 2021 by Desman Chathuranga
කොවිඩ්-19 රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් නිකුත් කළ මාර්ගෝපදේශන නොතකා හරින පොදු ප්‍රවාහන සේවා හෝ කුලී රථ පොලිස් භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඊට අදාළ චක්‍රලේඛය දිනයේ දිවයිනේ සියලු ම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත පොලිස් මූලස්ථානය හරහා නිකුත් කිරිමට කටයුතු කර තිබේ.
පොදු ප්‍රවාහන සේවා සහ කුලී රථ වල පුද්ගලයින් ප්‍රවාහනය කිරීමට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පසු ගිය මැයි 1 වන දින කොවිඩ්-19 රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් නිකුත් කළ මාර්ගෝපදේශ වලට අනුගතව කටයුතු නොකරන පුද්ගලයින් පිළිබඳ ක්‍රියා කරන ලෙස එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.
ඒ අනුව බස් රථයක ගමන් කළ හැකි උපරිම මගීන් සංඛ්‍යාව එම බස් රථයේ ආසන සංඛ්‍යාවට සීමා වන අතර කාර් රථයක හෝ ත්‍රීරෝද රථයක ගමන් කළ හැකි උපරිම මගීන් සංඛ්‍යාව රියැදුරා හැරුණු කොට දෙදෙනෙකු වේ.
මෙම ධාරිතාව ඉක්මවා කටයුතු කරන පුද්ගලයින්ට සහ මෙවැනි පොදු ප්‍රවාහන සේවා හෝ කුලී රථ සම්බන්ධයෙන් අදාළ රීතීන්වලට පටහැනිව කටයුතු කරන රියදුරෙක්, සහායකයෙක් හෝ එම රථයක හිමිකරුවෙකු වේ නම් ඔවුන්ට එරෙහිව නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කරන අතර එවැනි වාහන පොලිස් භාරයට ගෙන ඒවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසටද උපදෙස් ලබා දි තිබේ.
More Stories
13න හකුලන්න ආණ්ඩුවේන් කුමන්ත්‍රණයක්! රට බේරා ගැනිමේ අවසන් අවස්ථාව යලි කරලියට!
බෙදුණු ජාතීන් එක්කිරීමට ජනපතිට කාලයයි මේ – ජෙහාන් පෙරේරා
ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා ( 2 කොටස)