counter hit xanga
October 21, 2021

වත්තල හා මීගමුව එන්නත්කරණය සාර්ථකව ඉදිරියට!

වත්තල හා මීගමුව පුද්ගලයින් 73,225 ක් එන්නත්කරණය සිදු කරයි.

Last Updated on June 1, 2021 by Panduka Herath

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා රජය විසින් සිදු කරන එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ වත්තල හා මීගමුව ආසනයන්හි පුද්ගලයින් 73,225 ක් එන්නතරකරණය සිදු කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ වත්තල හා මීගමුව ආසනයේ එන්නත්කරණ කටයුතු පිළිබදව අදහස් දක්වමිනි.

ඒ අනුව වත්තල ආසනයේ පුද්ගලයින් 38,225 ක් හා මීගමුව ආසනයේ පුද්ගලයින් 35,000 කට මේ වන විට පළමු මාත්‍රාව ලබා දී තිබේ.

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සදහා වන එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දී ඇති අදාළ වයස් සීමාවන් වල සියළු දෙනාට එන්නත ලබා දීමට රජය කටයුතු කරනවා. විපක්ෂය විසින් කුමන චෝදනා එල්ල කලද එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සිදු කෙරෙන බවත් ජනතාව අපහසුතාවයකට පත් නොවන අයුරින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. එන්නත්කරණ කටයුතු ආරම්භයේ පැවති ජනතා සහභාගිත්වයට වඩා ඉතා ඉහළ ජනතා සහභාගිත්වයක් හා එන්නත්කරණය සදහා උන්නදුවක් පැවතීම මෙම වසංගතය පාලනය කිරීම සදහා වඩාත් වැදගත් වී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය සහායෝගය දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු හරහා ක්‍රියාත්මක වන ග්‍රාමීය කමිටු හරහා ලබා දීමට කටයුතු කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

(ජායාරූප – මීගමුව, කුරණ ශාන්ත ආනා දෙව්මැදුරේ ක්‍රියාත්මක වූ එන්නත්කරණ වැඩපිළිවෙල)