counter hit xanga

ඩොලර් කොමොඩ් එකේ! මෙක මහා මෝඩ රටක්! Video

Last Updated on June 29, 2021 by Desman Chathuranga

ඩොලර් උත්පාදනය කරන කාර්මික අමුද්‍රව්‍ය ආනයනට සීමා බාධක පනවා ඩොලර් අනුභව කර කොමොඩ් එකට යවන රටක් බවට ලංකාව පත්ව ඇතැයි අපනයන කෘෂිකාර්මික කර්මාන්තකරුවකු වන අරුණ කාන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙනවා. අරුණ කාන්ත බණ්ඩාර මහතා “මහින්ද චින්තන” වැඩ පිලිවෙල යටතේ තිරිඟු පිටි ආදේශිත සහල් පිටි නිපදවූ ව්‍යවසායකයෙකුද වනවා.

පසුගිය වසරේ $ ඩොලර් මිලියන 1550 ක් අනුභව කර කොමොඩ් එකට යවා ඇති බව පෙන්වා දෙන බණ්ඩාර මහතා පාසැල් වසා සංචාරක කර්මාන්තයද නොමැති අවස්ථාවක මෙපමණ ආහාර ආනයනය කිරීමට තරම් අපි මෝඩ රටක් බවට පත්ව ඇතැයිද පෙන්වා දෙනවා.

ඩොලර් අර්බූදයක් ඇති මොහොතක කර්මාන්ත කරුවන්ට සීමා පනවා ආහාර ආනයනකරුවන්ට යහමින් වැඩ කරගෙන යාමට නම් ඉඩදීමට ආණ්ඩුවක් අවශ්‍ය නැති බවද ඔහු පෙන්ව දෙනවා.

මේ තත්ත්වය නතර කිරිම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, පී බී ජයසුන්දර මහතාට මෙන්ම,බැසිල් රාජපක්ෂ මහතාට සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට වහාම මැදිහත් වන ලෙස ඉල්ලා සිටි.