counter hit xanga
October 22, 2021

කළුගන්තොට සිංහයා චන්ද්‍රිකා හමුවෙන්න යයි!

Last Updated on May 8, 2021 by Panduka Herath

ශ්‍රිලනිපයෙන් ගොස් සජිත්ගෙන් ඡන්දය ඉල්ලු සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හමුවි සාකච්ඡාවක් පවත්වා තිබේන බව Ecast දේශපාලන වාර්තාකරු අනාවරණය කරයි. පසුගිය සතියේ මෙම හමුවිම සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සමගී ජන බලවේගයේ නායකයා හෝ වගකිවයුතු කිසිවෙක් දැනුවත් කර නොතිබිමද විශේෂත්වයක්.

අදාළ සාකච්ඡාව සදහා වෙල්ගම සමග තවත් ශ්‍රිලනිපයට සම්බන්ධව සිටි කාන්තාවක්ද එක්ව ඇති අතර තිදෙනා අතර සාකච්ඡා පැය කිහිපයක්ම පැවති බවයි අනාවරණය වන්නේ. වත්මන් දේශපාලන තත්ත්වය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් එහිදි පුළුල්ව සාකච්ඡා කර තිබේන අතර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය (මැඩම්) සහය දෙන්නේ නම් ශ්‍රිලනීපයේ නායකත්වය භාර ගැනිමට සුදානම් බවද වෙල්ගම එහිදි පවසා තිබේ.

මේ අතර වෙල්ගම -චන්ද්‍රිකා හදිසි හමුව සම්බන්ධයෙන් සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ ප්‍රබලයන් විසින් දැනුවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලිමට මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට සහ කලුතර සජිත්ගේ හිටපු මන්ත්‍රීවරයෙකුටද පවරා තිබේ.