counter hit xanga
August 12, 2022

පවුල් සියයට 86කගේ ආහාර වේල අනතුරක!

Last Updated on June 22, 2022 by Panduka Herath

ලෝක ආහාර වැඩසටහන හදිසි මානුෂීය ආධාර වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ගැබිණි මවුවරුන් වෙත ආහාර වවුචර්පත් ලබා දිම ආරම්භ කර තිබේ.ලෝක ආහාර වැඩසටහන මගින් ලබාදෙන මාසික වවුචර්පත රුපියල් 15000 ක, වටිනාකමින් යුක්ත වන අතර එය ගැබිණි මවුවරුන් 2000 කට වැඩි ප්‍රමාණයකට අවශ්‍ය ආහාර ලබාගැනීමට ප්‍රයෝජනවත් වනු ඇති.

අර්බුදය හේතුවෙන් ආහාර සපයා ගැනීමට නොහැකි දැඩි අවදානමකට ලක්ව සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 30 කට පමණ ආහාර වවුචර්පත්, ආහාර හෝ මුදල් ලබා දීමට සැලසුම් කරමින් සිටින බවත් ජූනි සිට දෙසැම්බර් දක්වා ලක්ෂ 30ක ජනතාවකට ආධාර ලබා දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 60 ක මුදලක් අවශ්‍ය බවට ගණන් බලා ඇති බවත් ලෝක ආහාර වැඩසටහන සිය වාර්තාවේ සදහන් කර තිබේ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ වල හිඟය හේතුවෙන් දුප්පත් පවුල් ආහාර ලබාගැනීමට නොහැකිව අසීරුතාවයට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 22 කට ආහාර සුරක්ෂිතතාවයක් නොමැති වීම හේතුවෙන් සහාය අවශ්‍ය බවත් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා.ලෝක ආහාර වැඩසටහනේ සමීක්ෂණයකට අනුව සියයට 86 ක් පවුල් වත්මන් අර්බුදයට මුහුණ දීම සඳහා ආහාරයට ගන්නා ප්‍රමාණය අඩු කිරීම,පෝෂ්‍යදායි ආහාර ගැනීම අඩු කිරීම හෝ ආහාර වේලක් නොගෙන සිටීම සිදු කරන බව හෙළිවී තිබේ.

එසේම එළවලු,පළතුරු සහ ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගැනීම අඩු අදායම්ලාභී පවුල් වලට ඉතාමත් අසීරු කටයුත්තක් වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.ශ්‍රී ලංකාවේ මැයි මාසය අවසන් වනවිට ආහාර උද්ධමනය සියයට 57.4 ලෙස සටහන් විය.

“ගැබිණි මව්වරුන් සෑම දිනකම පෝෂ්‍යදායි ආහාර ලබා ගන්න ඕනේ නමුත් දුප්පත් පවුල් වලට ඒ දේ සිදුකිරීමට අපහසුයි.ආහාර වේල් මග හැරීමෙන් කුස තුළ සිටින දරුවාගේ සෞඛ්‍යයත් අවදානමකට ලක් කරනවා”

“Pregnant mothers need to eat nutritious meals every day, but the poorest find it harder and harder to afford the basics. When they skip meals they’re putting their and their children’s health at risk,”

“Poor families in cities and those who work on estates have seen their incomes plummet while market prices have soared. Each day that passes sees an increase in food and fuel prices globally, making it vital that we act now,” – Anthea Webb, WFP Deputy Regional Director for Asia and the Pacific from Colombo.

මේ අතර ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා ඩොලර් මිලියන 47.2ක් ඉල්ලා සිටි.එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලබන ජාත්‍යන්තර සහය සඳහා රට කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, සංවිධානය සහ අනෙකුත් හවුල්කරුවන් විසින් ඒකාබද්ධ මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා (HNP) සැලැස්ම ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ මිලියන 1.7 ක ජනතාවට ආධාර කිරීමට.මෙම වසරේ ජූනි සිට සැප්තැම්බර් දක්වා කාලය ආවරණය කරමින්, එය වඩාත් හදිසි අවශ්‍යතා සපුරාලීම අරමුණු කරයි.