counter hit xanga
October 26, 2021

සයිනොෆාම් ලෝව හොල්ලයි! නගරාධිපතිට හොද වැඩේ!

Last Updated on May 28, 2021 by Panduka Herath

විපක්ෂයේ මහා මොළකරුවන් ලෙස පෙනී සිටි බහුතරයක් මේ දිනවල සද්දයක් නැත.මන්ද අපිට දෙන්න අපි හොදටම කරන්නම් කියා තැන තැන දොඩවමින් ගිය විපක්ෂය අන්තිමට තමන්ගේ පක්ෂයේ නායකයාට කොරෝනා හැදුවා මදිවට විපක්ෂ නායක කාර්‍යාලයේ පිරිසක් මෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ පිරිසක් ද අමාරුවේ දමා අවසන්ය. නමුත් තවමත් විපක්ෂයේ අමනයන්ගේ රූකඩ සමාජ ජාල ගිනීතබන්නගේ අඩුවක් නැත.වසංගතය අපේ අතේ කියමින් ආතල් ගැනිම ඔහුන්ගේ විනෝදාංශය බවට පත්ව තිබේ.

රජය එන්නත්කරණයි වේගවත් කරමින් සිටි.ඒ සදහා අවශ්‍ය එන්නත් වැඩිපුරම ලැබෙන්නෙ චීනයෙනි. එම එන්නත් තොග වෙනුවෙන් මුදල් අයනොකරම ලබාදිමද විපක්ෂයේ සමාජ ජාලා අමනයන්ට අවුලක් බවට පත්ව තිබේ.

ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර ලෝකය ගෙනයන එන්නත් ජාතිකවාදයට එරෙහිව චීනය සහ රුසියාව කටයුතු කිරීමත් චීනය සහ රුසියාව දුප්පත් රටවලට එන්නත් සැපයීමත් නොකළේ නම් අද වන විට තුන්වන ලෝකයේ රටවල් ඉතා අසරණ තත්ත්වයට පත්වන්නට තිබූ බව සමාජ ජාලා විවිධ කතා හදන අය නොදන්නවා විය හැක.

වර්තමානයේදී තුන්වන ලෝකයේ රටවලට එන්නත සැපයීමට ඉදිරිපත් වී තිබෙන්නේ චීනය සහ රුසියාවයි. අඩු මිලට මෙන්ම ආධාර වශයෙන් නොමිලේද එන්නත සැපයීමද එම දෙරට විසින් සිදු කෙරෙමින් සිටි.කොවිඞ් 19 පරාජය කිරීමේ එකම මග එන්නත්කරණය බවට පත්වෙද්දී එන්නත සඳහා ලොව පුරා ඉල්ලූම විශාල වශයෙන් වැඩිවෙමින් තිබියදි චීනය සහ රූසියාව දෙන ආධාර වචනයෙන් කිව නොහැකි තරම්ය.

Sinopharm ගැන ඇමෙරිකානු වාර්තාව!

මේ අතර, චීනය විසින් කොරෝනා වෛරසය මර්දනයට නිෂ්පාදනය කර ඇති සිනොෆාම් එන්නතේ 03වන අදියරේ සායනික පරීක්‍ෂණ ප‍්‍රතිඵල වාර්තාව ඇමෙරිකානු වෛද්‍ය සංගමය විසින් ප‍්‍රසිද්ධියට පත් කර තිබේ. අදාළ වාර්තාව අනුව සයිනොෆාම් එන්නත් ලබාගෙන දින දාහතරකට පසු කොරෝනා ආසාදිතව බරපතළ තත්ත්වයට පත්වීම 100%ක් වළක්වනු ලබන අතර කොරෝනා ආසාදනය වීම 78% දක්වා වළකනු ලබයි. මෙම එන්නත මගින් කොරෝනා වෛරසය උදාසීන කරන ප‍්‍රතිදේහ නිෂ්පාදනය 99%ක් බව වාර්තාව වැඩි දුරටත් සදහන් කරයි.

එන්නත්කරණය හොදින් සිදුවෙමින් යද්දි එන්නත් හොරා කෑ වෛද්‍යවරුන් ගැනද මාධ්‍ය හරහා අසන්නට ලැබුනී. කෙසේවෙතත් රටේ ජනතාව එන්නත් කරණය සදහා සිදුකරන එන්නත්කරන වැඩසටහන් සම්බන්ධයෙන් විපක්ෂයේ චෝදනාව වුයේ ජනතාව මහමඟ දෙපස ජනතාව පැය ගනන් රස්තියාදු කරන බවය.ආණ්ඩුව වසංගතයට එරෙහිව එන්නත්කරණය කරන අතරතුර ඒ සදහාද පිලියම් සොයන්නට කටයුතු කරමින් සිටි.අන්තර්ජාලය ඔස්සේ එන්නත ලබා ගැනිමට ක්‍රමවේදයක් සකස් වන්නෙද ඒ වෙනුවෙන්මය.

ඒ අතරතුර ප්‍රාදේශීය වශයෙන් එන්නත්කරණ වැඩසටහන සදහා ප්‍රාදේශීය දේශපාලඥයන්ද මැදිහත් වු අතර ඒ හරහා ජනතාවට පහසුවෙන්ම් එන්නත ලබා ගැනිමට අවශ්‍ය ක්‍රමවේදයන් ඔහුන් විසින් හදුන්වා දිමට කටයුතු කල බව නොරහසකි. ඊයේ මොරටුවේ සිද්ධියක් විය.සිද්ධිය අවසන් වුයේ නගරාධිපති දින 14කට බන්ධනාගාරයටද ගොස් ය.

නගරාධිපතිය ට හොද වැඩේ… මොරටුව නගරාධිපති කලේ මොනවාද?

සමන් ලාල් පෙරේරා මොරටුවේ පොහොට්ටුවේ නගරාධිපතිවරයාය. ඔහු පැයෙන් පැයට වෙලාව සදහන් කර අදාළ වේලාව සදහා පැමිණිය හැකි ප්‍රදේශ නම්කර අංක කරන ලද් ටෝකනයක් ලබාදිමට කටයුතු කර තිබේ. ඒ අනුව අදාළ ප්‍රදේශයෙන් පැයක් තුල පැමිණිය හැකි ප්‍රමාණය ඒ හරහා තීරණය වන අතර කිසිදු බාධාවකින් තොරව එන්නත ලබා ගැනිමට ප්‍රදේශයේ ජනතාවට පහසුකම ලැබි තිබේ.

අවසනයේ ටෝකන් සිද්ධීය අර්බුදයක් බවට පත්ව අවසානයේ වෛද්‍යවරයෙකු සමග බහින්බස් විමක් දක්වා දුර යෑම නගරාධිපති දින 14කට බන්ධනාගාරයටද යැමට හේතු විය. වාර්තාවන අකාරයට විපක්ෂයේ හෙංචයියෙකු මෙම ගින්න පත්තුකර තිබේ.අනිත් අතට ඊයේ සිද්ධීය සිදුවු මොහොතේ සිට විපක්ෂයේ මඩ බලකාය සමාජ ජාලා ඔස්සේ ජනතාව තුල වෛරය පැතීර විමට කටයුතු කල අතර 2.50 සෞඛ්‍ය සංවිධානද සිද්ධියේ අවසන් රුපරාවුම වෙනුවෙන් පමණක් පෙනී සිටියේය.

මේ අතර අද පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්විමේදි ජනාධිපතිවරයාද මොරටුව සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුනා.“අපි විද්‍යාත්මක පදනම අනුව එන්නත් කරන ස්ථාන තෝරා ගත්තා. මේ සියල්ල තිබියදීත්, ඊයේ සිදුවීම ඉතා කැතයි. මුළු උත්සාහයම නිෂ්පල විය. එවැනි දේ සිදුවීමට ඉඩ නොදෙන්න. ” යනුවෙන් ජනපති පවසා තිබේ. නගරාධිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් අපටද විවේචන තිබේ.නමුත් සියල්ලම මාධ්‍යයේ පලවන විනාධි කිහිපයකින් බලා පරික්ෂණ,නිරික්ෂණ මෙන්ම නිගමනයන්ට එළඹෙන්නේ නම් එය වසංගතයට දෙවනි නොවනු ඇත.

එක අතකට නගරාධිපතිය ට හොද වැඩේය. මන්ද එන්නත් දෙනවා යැයි නිවේදනය කර උදේ සිට පෝලිමේ තියා, උදේන්ම ආපු පලමු ජනතාව එන්නත් කර දවල් වෙලා ආපු ජනතාව ජනතාවට එන්නත නැතුව හිත හදාගෙන ගෙදර යන්න හැරියේ නම් එය තමන්ගේ නොලැබීම යනුවෙන් සිතාගෙන ඔහුන් ගෙදර යනු ඇත. අනිත් අතට ආණ්ඩුවට බැණුම් අහන්න වන්නේද නැත. එහෙම බැලුවාම නගරාධිපති අමු ගොන් වැඩක් කර තිබේ. ඒ ගොන් වැඩේට හිරේ දමා මදිය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වසංගතය මර්දණය සදහා තින්දු තිරණ ගත යුතුය,රාජ්‍ය නිළධාරීන් එය ක්‍රියාත්මක කිරිම සදහා කටයුතු කලයුතුය,ප්‍රාදේශීය දේශපාලඥයන් එම රාජ්‍ය නිලධාරින් ක්‍රියාත්මක කරන වැඩසටහන් සදහා සහය දිය යුතුය.එය රටේ ජනතාවද තේරුම් ගත යුතුය. එසේ නොමැතිනම් වසංගතය අපේ අතේ කියා කියමින් මරණය දක්වා ගමන් කල හැකිය.

-සකලබුජන්-