counter hit xanga

ගෑස් මිලට වෙච්චි දේ!

මිළ සංශෝධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහස්ත ගෑස් සැපයුම්කරුවන් වන Litro Gas සමාගම සහ laugfs gas සමාගම ඉල්ලීමක් කර තිබුනා.

Last Updated on June 21, 2021 by Desman Chathuranga

ගෑස් මිල වැඩි නොකිරීමට තිරණය කර තිබේ. ඒ ගෑස් මිල සංශෝධනය කිරීම පිළිබඳව සළකා බැලීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුව ගත් තීරණයකට අනුවයි.ගෑස් මිල වැඩිකිරිම පිළිබඳ සොයා බලන අමාත්‍ය අනු කමිටුව අද (21) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වුනා.

ලෝක වෙළඳපොළ තුළ ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් මිළ සංශෝධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහස්ත ගෑස් සැපයුම්කරුවන් වන Litro Gas සමාගම සහ laugfs gas සමාගම ඉල්ලීමක් කර තිබුනා.

කෙසේවෙතත් එම සමාගම්වල නියෝජිතයන් හා අමාත්‍ය අනු කමිටුව අතර අද පැවැති සාකච්ඡාවේදී ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කර තිබේ.

රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලාෆ්ස් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම සතු ලාෆ්ස් ගෑස් යන සමාගම් දෙක ඒකාබද්ධ කරමින් මෙරට වෙත එල්පී ගෑස් ආනයනය සහ බෙදාහැරීම තනි සමාගමක් යටතට පත් කිරීමට රජය සැලසුම් කරමින් සිටි.

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් (PPP) ක්‍රමවේදය යටතේ මෙම ඒකාබද්ධ කිරීම සිදු කිරීම සැලසුම වී තිබේ.

මේ සම්බන්ධයෙන් යෝජනාව ඇතුළත් කැබිනට් පත්‍රිකාව දැනටමත් මුදල් අමාත්‍යාංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් මණ්ඩලය වෙත ලබාදී තිබේ.