counter hit xanga
March 26, 2023

වටේ ගිහින් රෝහලේ නතර විම!

Last Updated on April 23, 2021 by Desman Chathuranga

අප්‍රියෙල් 21 සිදුවු අන්තවාදී ත්‍රස්ත ප්‍රහාර හමුවේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සිටි හරීන් ප්‍රනාන්දු අද ඉන්නේ රෝහලේය. ඔහු රෝහලේ සිටින ඡායාරූප, සහ ඔහු රෝහල් ගතවිමට හේතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහල තුලම සිට දෙන මාධ්‍ය ප්‍රකාශය හරහා ඉතාම පැහැදිලිය. සජිත් දිගින් දිගටම කියන්නේ පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරයෙකු කරන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරිමට හෝ විමර්ශනය කිරිමක් කිරිමට හැකියාවක් නොමැති බවයි.

පාර්ලිමේන්තුවේ කරන කිසිම ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරන්න තොරතුරු විමසන්න පාර්ලිමේන්තු වරප්‍රසාද පනතට අනුව නොහැකි බවයි සජිත් පුල පුලා සදහන් කර ඇත්තේ.

2019 අප්‍රියෙල් 21 වැනිදා සහරාන් කල්ලිය එවකට යහපාලන අනුග්‍රහය ඇතුව පල්ලි වලට පහරදුන් බව අමුතුවෙන ජනතාවට මතක් කර දියයුතු නැත. පහරදිමෙන් මාස 6කට පමණ පසු පැවැති ජනාධිපතිවරයෙන් රනිල්,මෛත්‍රී,සජිත් ඇතුලු කල්ලියම පරාජයට පත්වු අතර ප්‍රහාරයක් එල්ල වන බව දැන දැනම ගේදර සිටි හරීන් ප්‍රනාන්දු සජිත් සමග එජාපය කඩාගෙන ගොස් වෙනම පක්ෂයක් සැදිමට කටයුතු කල අතර,මෛත්‍රීපාල හිටපු ජනපති හොරෙකු මෙන් වත්මන් ආණ්ඩුවට එකතු විය. හරින්,සජිත් වෙනම පක්ෂයක් සෑදිමට ප්‍රධාන හේතුව වුයේ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ජාතික ආරක්ෂාව අතහැර දැමු ප්‍රධාන පක්ෂ දෙකින් එකක් වන එක්සත් ජාතික පක්ෂයට රටේ ජනතාවගෙන් බහුතරය යලි කිසිදිනෙක ඡන්දයක් බාවිතා නොකරනු ඇත යන විශ්වාසය මතය.

ඒ වෙනම කතාවකි.වත්මන් ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේන් පසුව පත්ව වසර 1 1/2 ක් පමණය.එම කාලය පුරාම හරීන් ප්‍රහාරය පසුපස මහ මොළකරුවෙකු සිටින බවත් තවත් සාක්ෂි රැසක් ඇති බවටත් විවිධ ප්‍රකාශ නිකුත් කර තිබේ. එම කිසිදු ප්‍රකාශයක් පාර්ලිමේන්තුවෙන් පිටතදි නොකිරිමට ඔහු ඉතා පරිස්සම් විය. ඒ පාර්ලිමේන්තු වරප්‍රසාද මුවාවීම සදහාය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් සහ මනුෂ කරන ප්‍රකාශයන් සත්‍ය නම් ඊට අදාළ සාක්ෂී සහ ලේඛන තමන් සතුව ඇත්නම් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවි එම ප්‍රකාශ සිදුකිරිමට අවශ්‍ය නැත. නමුත් තමන් පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශය සම්බන්ධයෙන් රහස් පොලීසිය ප්‍රශ්ණ කරනු ඇත යන භීතියෙන් රෝහල් ගත විම සහ දිගින් දිගටම පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන පමණක් කතා කිරිම හරහා පැහැදිලි වන කරුණ වන්නේ කටට ආ දේ කිම මිස ඇත්ත කතා කිරිමට තරම් හරීන්ට කොන්දක් නැති බවය.

හරී හරීන්ගේ පාර්ලිමේන්තු කතාව ගැන CID යට ප්‍රශ්න කරන්න බෑ කියලා අපි හිතමු. එහෙනම් හරීන්ටත් කොන්දක් තියෙන්න ඕනි ඇතුළෙදී කියපු කතාව පිටතදීත් කියන්න. මන්ද එය රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් නිසාවේනි. එපමණක් නොව ප්‍රහාරයට ලක්ව මියගිය ජනතාවගේ ඥාතින් පමණක් නොව සමස්ථ ජාතියම යුක්තිය ඉල්ලා සිටිමද නිසාය. අනිත් අතට රටේ ජනතාව් විශ්වාස කරන්නේ ජාතික ආරක්ෂාව පාර්ලිමේන්තු වරප්‍රසාද පනතට ඉහලින් තිබිය යුතු බවයි.

පාස්කු ප්‍රහාරය සහ එයට සම්බන්ධ යැයි පවසමින් විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර කරන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා සිද්ධියට වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් වි තිබේ. හරීන් පෙන්වන්නට උත්සාහ කරනුයේ එම පැමිණිලි මත තමන්ගෙන් ප්‍රකාශයක් ගනු ඇති බවයි පසුව තමන්ව DO ගසා අත් අඩංගුවට් ගනු ඇති බවයි.

පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණය සමරන්න අලුත් ඇඳුම් මහලා ජනතාව ඉදිරියේ සිටගෙන සිටිම නොව ඔහුන් වෙනුවෙන් යුක්තිය ඉටුකල හැකි තරමට සාක්ෂී අතේ ඇත්නම් එවා ආරක්ෂක අංශ වලට ලබාදිමට කටයුතු කිරිමද එදා තාත්තාගේ කිම අසා නිහඩව සිට මිනිස් ජිවිත අහිමි කිරිමට ඉඩ දිම වෙනුවෙන් කල වරදට යම් ප්‍රමාණයකට සමාවක් ලබන්නට හරීන්ට අවස්ථාවක් ඇත.

නමුත් කතාව වෙනම එකකි පාර්ලිමේන්තුවේ සිදුවූ හරින් – තිස්ස කුට්ටිආරච්චි ගැටුම ගැන පොළිස් පරීක්ෂණ ඇරැඹි තිබේ. හරීන්ට බොහොම සිත්ගන්නා සුළු විදිහට කුණුහරුප කියන්න පුළුවන් බව පාර්ලිමේන්තුවේදී හරීන් ඔප්පු කර පෙන්වා අවසන්. ඊට එරෙහිව කටයුතු කල යුත්තේ පාර්ලිමේන්තුවේ අණපනත් වලට අනුවය. හරින්ගේ හැසිරිමට සහ වචන පරිහරණය කරන අකාරය සම්බන්ධයෙන් විඩියෝ සහිත සාක්ෂී ඇත. කුට්ටිආරච්චි මහතා වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇත. පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ වි තිබේ. කටින් බතල හිටවුවාට පැයකට හෝ කුඩුවට යැමට හරීන් බය බව දන්නෝ දනිති. ඒ නිසාම රෝහලට වි සිටින බව නොරහසකි. හරීන්ගේ නායකයාද 2019 ජනාධිපතිවරණයේ ප්‍රතිපල අවසන් විමටත් පෙර වත්මන් ජනාධිපතිවරයාට දුන් දුරකතන ඇමතුමද ඊට නොදෙවෙනිය.

අවසන් වශයෙන් කිමට ඇත්තේ පාර්ලිමේන්තුවේ තමන් කළ කතාව ගැන CID යට කට උත්තරයක් දෙන්න බැරිව හරීන් අමාරුවෙලා ඉස්පිරිතාලේ සිටින්නේ නම් අප රන්ජන් ගැන සතුටු විය යුතුය. මන්ද ඔහු තමන් කල ප්‍රකාශය වෙනුවෙන් බය නැතුව පෙනී සිටි නිසාය.එහෙම බලනකොට රන්ජාට තිබුණ ගට සජබයටම නැති බව කිවයුතුමය.