counter hit xanga
October 21, 2021

සහනාධාර පොහොර 300% වගාවට දාලා!

Last Updated on May 12, 2021 by Panduka Herath

කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. “දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ” සාමාජිකයන් සමග ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

කාබනික පොහොර භාවිතයේ දී අස්වැන්න අඩුවී ආදායමේ වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා වී මිලදී ගැනීමට රජය සූදානම් බවත් ගොවියා ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් පාරිභෝගිකයාට පවතින මිලට සහල් ලබාගත හැකි පරිදි වැය බර දැරීමට රජය සූදානම් බවත් ජනාධිපතිවරයා එහිදි සදහන් කර සිටියා.රසායනික පොහොර ආනයනය කළ සමාගම් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේදී ඇතැම් සටන් පරාජය විය. අවසානයේ දී ත්‍රස්තවාදය පරාජය කර රට දිනවූවා සේ සියලු අභියෝග ජය ගනිමින්, ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීමේ අයිතිය ලබාදීමට රජය සූදානම් බව ජනාධිපති විශේෂ නියෝජිත හා කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවට සහභාගී වෙමින් සදහන් කර සිටියා.

යල කන්නයට අවශ්‍යය තරමටම රසායනික පොහොර!

මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදි කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේ යල කන්නයට අවශ්‍යය රසායනික පොහොර මෙරටට ආනයනය කර ගබඩා කර ඇති බවයි.

රටේ වි ගොවිතැනට අවශ්‍යය රසායනික පොහොර අවශ්‍ය තරම් ඇති බවත්, අනෙකුත් බෝග සදහා රසායනික පොහොර හිගයක් පැවතියද එම හිගයද පියවිමට රජය කටයුතු කරන නිසා ඒ සදහා අනිසි බියක් ගොවින් ඇති නොකරගත යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

යල කන්නයට අවශ්‍යය රසායනික පොහොර මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ අසු පන්දහසක් මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යවා ඇති බවත්,රජය මගින් ගොවින්ට සහනාධාර යටතේ රසායනික පොහොර ලබාදිම නිසා කාබනික පොහොර භාවිතය වෙනුවට ගොවින් 300% ප්‍රමාණයක් රසායනික පොහොර භාවිතා කර ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර ආනයනය නතර කිරිමට ක්ෂණිකව ගත් තිරණයක් නොවන බවත්, එය කාලයක් තිස්සේ අධ්‍යනය කරමින් කෘෂිකර්මාන්තයේ නියැලි සිටින සියළු දෙනා සමග සාකච්ඡා කර ගත් තිරණයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.රසායනික පොහොර ආනයනය තහනම් කිරිම දේශපාලනිකරණය නොකර ගන්නා ලෙසටද අමාත්‍යවරයා ඉල්ලා සිටියා.