counter hit xanga
June 26, 2022

යහපාලනයට දුන් ඩොලර් මිලියන පහට මොකද උනේ!

Last Updated on April 23, 2021 by Panduka Herath

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ සුබ සාධනය වෙනුවෙන් ජාත්‍යන්තර මුස්ලිම් සංවිධානය විසින් 2019 ජුලි 30 වෙනි දින ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලද ඩොලර් මිලියන පහක (රුපියල් මිලියන 1,000) ආධාර මුදලට කුමක් සිදුවීද යන්න සොයා බැලිය යුතු බව ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් පවසයි. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සිහිකරනුවස් “සමිදුන් වෙතගිය මිනිසුන්” යනුවෙන් ඊයේ ( 21) පැවති අනුස්මරණ අවස්ථාවට සහභාගී වෙමින් සෝභිත නාහිමියන් කියා සිටියේ මේ බිලියනයක මුදලට කුමක්ද වුනේ? මේ අනතුරට පත් වුනු ජනතාව වෙනුවෙන් මේ මුදල් වියදම් කළාද? යන්න වහාම අනාවරණය කර ගත යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් සොයා බැලිම සදහා තමන් රජයට, රහස් පොලිසියට භාර කරන බවද උන්වහන්සේ සදහන් කර සිටියා. පසුව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය (CID) වෙත පැමිණි උන්වහන්සේ අදාළ ආධාර මුදලට කුමක් සිදුවීදැයි යන්න පිළිබඳ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ගෙවීම සඳහා ලෝක මුස්ලිම් සංවිධානය (The World Muslim League) රජයට ලබා දුන් ($ 5 million) මුදලට සිදුවූයේ කුමක් දැයි පැහැදිලි කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යවනු ලැබුවේ පසුගිය වසරේ එනම් 2020 නොවැම්බර් මස 27 වැනිදායි.

අදාළ මුදල පාස්කු වින්දිතයින්ගේ සුභසාධනය සඳහා ලැබී නොමැති බවත් එහෙයින් ඊට සිදු වූයේ කුමක් දැයි දැනගත යුතු බවත් එම ලිපිය මගින්ද පෙන්වා දි තිබුනා. විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපති ලේකම්වරයා හට යොමුකල ලිපිය පහත අමුණා ඇත.

2019 වසරේ ජුලි මස ලෝක මුස්ලිම් සංවිධානය ජාතික සාම සමුළුව National Conference on peace and coexistence නමින් නෙලුම් පොකුණ ශාලාවේ උත්සවයක් පැවැති අතර එම අවස්ථාවේදි ලේකම් ආචාර්ය ෂෙයික් මොහොමඩ් ( Dr. Mohammad Ibn Abdulkarim Alissa) පාස්කු ප්‍රහාර වින්දිතයන් වෙනුවෙන් ඩොලර් මිලියන 05ක් ලබා දෙන බවට ප්‍රකාශ කර තිබේ.

එම අවස්ථාවට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටි අතර එම වැඩසටහන එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය දැරු ඒ.ජේ.එම් මුසම්මිල් සංවිධානයි කර තිබුනා.

මිට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන් 5ක් ($ 5 million) මුදලක් ප්‍රදාණය කිරිම සම්බන්ධයෙන් එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ ආචාර්ය ෂෙයික් මොහොමඩ් හට අරලියගහ මන්දිරයේ සිදුවු හමුවේදිද ප්‍රශංසාව පලකර තිබේන බව ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කර තිබිමද විශේෂවත්වයක්.

Prime Minister Wickremesinghe expressed his gratitude to Sheikh Al-Issa for his donation of $ 5 million to assist the victims of the Easter Sunday attacks.

The Muslim World League Journal 2019 අගෝස්තු කළාපයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කර තිබේන අතර Muslim World League නායකයන් ශ්‍රි ලංකාවේ කල සංචාරය පිළිබඳවද කරුණු රැසක් දක්වා තිබේ. එහි ස්ථානය කිහිපයකම වින්දිතයන්ගේ සුබ සාධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලද ඩොලර් මිලියන පහක මුදල සම්බන්ධයෙන් තොරතුරු වාර්තාකර තිබේන අතර පහත දැක්වෙන ඡායාරූපය සහ සටහන එම සගරාවෙන් උපුටා ගන්නා ලදි.

සම්පුර්ණ සගරාව කියවිම සදහා මෙතනින් පිවිසෙන්න…. The Muslim World League Journal

මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටි සමයේ සමාජ ජාල පිළිබඳව කටයුතු කල සමීර ද සිල්වා සිය සමාජ ජාලා පිටුවේ සෝභිත නාහිමියන්ගේ චෝදනාව සම්බන්ධයෙන් සටහනක් තබා තිබේ.

මෛත්‍රීට දුන්න රු බිලියනයට මොකද වුනෙ?

ගරුතර ඕමල්පේ සෝභිත හිමියන් මා දන්නෑ ඊයේ දවසේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මෙවැනි අභූත චෝදනාවක් නගමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේ ඇයි කියලා. ඇත්තම කතාව මෙහෙම මුදලක් ලංකාවට නොලැබුණු බව උන්වහන්සේ හොඳාකාරවම දන්නා කරුණකි cardinal හිමියන්ද දන්නා කරුණකි එම නිසා තමයි කාඩිනල් හිමියන් ඒ පිළිබඳව කථා නොකරන්නේ.එපමණක් නොව එවැනි මුදලක් නොලැබුණු බව ලංකාවේ සියලු මාධ්‍ය තුල පළවු ප්‍රවෘත්තියකි.

ජාත්‍යන්තර World Muslim League සංවිධානය ලිඛිතව ශ්‍රි ලංකාවට දන්වා තිබියදී එවැනි මුදලක් එම සංවිධානය විසින් ලබාදී නොතිබූ බව දැන දැනම අප්‍රේල් 21 මාධ්‍ය සංදර්ශනයක් පැවත්තුවෙ කුමන කාගෙ උවමනාවටද? මෙන්න ඒ නිවෙදනය.

සමීර ද සිල්වා විසින් සමාජ ජාලයට එක්කර තිබේන world Muslim League ඒ.ජේ.එම් මුසම්මිල් හට යවා තිබේන ලිපිය.

එම ලිපියට අනුව කරුණු 7ක් සම්බන්ධයෙන් World Muslim League ය ශ්‍රි ලංකා ආණ්ඩුවේන් විමසා ඇති අතර අදාළ වාර්තාව ලබාදිමට කටයුතු කරන්නේ නම් පොරොන්දු වු මුදල ලබාදිමට කටයුතු කල හැකි බවයි. එම වාර්තාව සම්පූර්ණ කර ජනාධිපති හෝ අගමැති යටතේ තිබේන සුබසාධන ගිණුම් අංකයක්ද එම ලිපිය මගින් ඉල්ලා තිබේ. මෙම ලිපියට අනුව අදාළ $මිලියන 5ක මුදල මේ දක්වා ලැබි තිබෙන්නට හැකියාවක් නැත.