Last Updated on June 23, 2021 by Panduka Herath
මහත් ආන්දෝලනයකට තුඩු දි තිබේන තිස්සසමාහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ඊයේ (22) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කර සිටියා.
චීනය සමග එක්ව ආරම්භ කර ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය හරහා හාරන ලද පස් සහ වැලි එම ව්‍යාපෘතිය දියත් කරන චීන සමාගමට නොමිලේ ලබා දීමක් සම්බන්ධයෙන් දැනගන්නට ලැබි තිබේන බවට පලවන තොරතුරු සම්බන්ධයෙන්නුයි එහිදි විමසා සිටියේ.
එහිදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එය ප්‍රතික්ෂේප කර සිටියා.
“ඒක මම හිතන්නේ කාගේ හරි හිතළුවක් වෙන්නට ඕන, ක්‍රමවේදය මොකක් ද එහෙම කරනවා නම් මොකක් ද වෙන්න ඕන කියන එක.මොක ද ඒ සම්බන්ධව ඉතාමත් ම පැහැදිලිව පරිසර අධිකාරිය, අනෙකුත් ඊට සම්බන්ධ සියලු දේත් එක්ක සාකච්ඡා කරලා තමයි ඒ කටයුත්ත කෙරෙන්නේ. ඒ නිසා පස් ගෙනියනව ද මම දන්නේ නෑ, ඇත්තට ම අපි එහෙම ලොකු දැනුවත් වීමක් නැහැ.”
මම දන්නා තරමට මැෂින්ස් දෙකක් ගෙනැල්ලා තියනවා කිව්වා. ඒ මැෂින්ස් දෙක ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ තියන ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට.”
තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජූනි 20 වන දින ආරම්භ වු අතර චීනය සමග එක්ව ආරම්භ කර ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් පැවැති උත්සවය සම්බන්ධයෙන්ද මේ වනවිට අන්තර්ජාලය පුරා විවිධ තොරතුරු පලවෙමින් තිබේ. විශේෂයෙන්ම එම අවස්ථාවට විදේශ හමුදා කණ්ඩායමක් සහභාගි වි සිටි බවටද තොරතුරු වාර්තා වේ.
තිස්සමහාරාම වැව රුහුණු රාජධානිය ගොඩ නැංවූ යටාල තිස්ස රජු විසින් හෝ ඔහුගේ මාමා වන අනුරාධපුර රාජධානියේ රජ කළ දේවානම් පියතිස්ස රජු විසින් ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේදී ඉදිකළ බවට සැලකෙයි.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න