Last Updated on June 14, 2021 by Desman Chathuranga
ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තු නැංවීමේ කිසිදු තීරණයක් ගෙන නැති බව ප්‍රවාහන සහ ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
පෙරේදා (12) මහනුවර දී මාධ්‍ය හමුවේ රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ කොවිඩ් 19 වයිරසය තදින් පැතිර යමින් තිබෙන තත්ත්වයක් තුළ බස් ගාස්තු ඉහළ නංවා ජනතාව තව තවත් අසරණ තත්ත්වයට පත්කිරීමේ අවශ්‍යතාවයක් නැති බවයි.
බස් ගාස්තු ඉහළ නැංවීමේ දී ජනතාව සහ බස් හිමියන් යන දෙපාර්ශ්වය ගැනම සිතා තීන්දු තීරණ ගත යුතු බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ජනතාව අපහසුතාවයට පත්වන තීන්දු ගැනිමට ආණ්ඩුව කිසිවිටක ඉඩ නොදෙන බවයි.
මේ අතර ඉන්ධන මිළ වැඩි කිරීම හමුවේ බස් ගාස්තු වැඩි කළ යුතු යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සහ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ඉල්ලිමක් කර තිබුනා. ඒ සම්බන්ධයෙන් විශේෂ ලිපියක් හෙට (15) දින ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වෙත යැවිමටද කටයුතු යොදා තිබේ.
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සියයට 15 කින් වත් ඉහළ දමන ලෙස සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ඉල්ලිමක්කර තිබුනා.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි